පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මීට වර්ෂ කිහිපයකට පෙර මාර්ග අංක 104 වත්තල-බම්බලපිටිය බස් රථ සේවාවක් ක්‍රියාත්මකවූ බව දන්නේද;
(ii) මේ වනවිට එම බස් රථ සේවාව ක්‍රියාත්මක නොවන බව දන්නේද;
(iii) ජා-ඇල ඩිපෝවේ බස් රථයක් සහ රත්මලාන ඩිපෝවේ බස් රථයක් යොදවා එම බස් රථ සේවාව නැවත ආරම්භ කිරීමට ක්‍රියාමාර්ග ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-22
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මින් වසර 25කට පෙර ශ්‍රීලංගම ජා-ඇල ඩිපෝව මඟින් මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වී ඇත.
(ii) වසර ගණනක සිට ශ්‍රීලංගම පවතින රියැදුරු සහ කොන්දොස්තර පුරප්පාඩු හා ධාවනයට සුදුසු බස් රථ ඇණිය ප්‍රමාණවත් නොවීම යන කරුණු මෙම සේවාව ක්‍රියාත්මක නොවීමට බලපා ඇත.
(iii) ඔව්.
ඉදිරියේදී ශ්‍රීලංගම වෙත ලැබෙන නව බස් රථ ඇණිය මත හා කොළඹ, ගම්පහ ප්‍රාදේශිකයන්හි අවශ්‍යතාව මත ලැබෙන රියැදුරු සහ කොන්දොස්තර නව බඳවා ගැනීම් මත මෙම සේවාව නැවත ආරම්භ කිරීම පිළිබඳව සොයා බලන්න පුළුවන්.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks