පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) උතුරු නැගෙනහිර ප්‍රදේශවල සන්නද්ධ ගැටුම් පැවති කාලසීමාවේදී ක්‍රියාකාරීව පැවති අතුරු සන්නද්ධ කණ්ඩායම් සංඛ්‍යාව කොපමණද;
(ii) එම කණ්ඩායම්වල නම්, භාවිතා කරනු ලැබූ ආයුධ වර්ග සහ ආයුධ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම කණ්ඩායම් සන්තකයේ තිබී ආරක්ෂක හමුදා භාරයට ගන්නා ලද ආයුධ සංඛ්‍යාව සහ නීත්‍යානුකූලව භාරදුන් ආයුධ සංඛ්‍යාව එක් එක් කණ්ඩායම අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) මේ වනවිට එවැනි අතුරු සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාත්මකව පවතින්නේද;
(v) එම කණ්ඩායම් සම්බන්ධයෙන් මේ වනවිට රජය විසින් ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-10-06
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) යුද හමුදාව සතුව පවතින තොරතුරු අනුව කණ්ඩායම් සංඛ්‍යාව 7කි.
1. ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය (TELO)
2. ද්‍රවිඩ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය (PLOTE)
3. ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය (EPDP)
4. ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති සංවිධානය (EPRLF - Suresh Premachandran's Group)
5. ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති සංවිධානය (EPRLF - Varadaraja Perumal Group)
6. කරුණා පාර්ශ්වය (Karuna Faction)
7. ඊළාම් විප්ලවීය ශිෂ්‍ය සංවිධානය (EROS)
(ii) කණ්ඩායම් වෙතින් භාර දී ඇති අවි වර්ගයන්ට අනුව පහත දක්වා ඇති අවි එම සංවිධාන විසින් භාවිත කර ඇති බවට අනාවරණය වේ.
|
අනු අංකය |
අවි වර්ගය |
|
1 |
ටී 56 |
|
2 |
ටී 81 |
|
3 |
ඒකේ 47 |
|
4 |
9x9 mm පිස්තෝල |
|
5 |
මයික්‍රෝ පිස්තෝල 9x9 mm |
|
6 |
එල්එම්ජී |
|
7 |
එම්පීඑම්ජී |
|
8 |
එෆ්එන්සී |
|
9 |
ආර්පීජී |
|
10 |
60 mm මෝටාර් අවි |
|
11 |
40 mm ග්‍රෙනේඩ් ලොන්චර් |
තවද, භාවිත කරන ලද ආයුධ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් නිශ්චිතව දැක්වීමට හැකියාවක් නැහැ, එය ගොඩක් අපහසුයි. ඒ කාලයේ එම දත්ත එකතු කරගන්න බැරි වෙලා තිබෙනවා.
(iii) ශ්‍රී ලංකා යුද හමුදාව:
එම කණ්ඩායම් සන්තකයේ තිබී ආරක්ෂක හමුදා භාරයට ගන්නා ලද හා භාර දුන් ආයුධ ප්‍රමාණය පහත පරිදි වේ.
|
අනු අංකය |
සංවිධානය |
භාර දී ඇති අවි ප්‍රමාණය |
වෙනත් |
|
1 |
EPRLF |
2 |
- |
|
2 |
EPDP |
161 |
ඩග්ලස් දේවානන්දා මහතා සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් සඳහා අවි ග: 30ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත. |
|
3 |
PLOTE |
23 |
- |
|
4 |
කරුණා පාර්ශ්වය |
615 |
- |
|
මුළු එකතුව |
801 |
- |
|
ශ්‍රී ලංකා නාවික හමුදාව:
ක්‍රියාන්විත ප්‍රදේශවල විවිධ ස්ථානවලදී වටලා පරීක්ෂා කිරීම් සහ බුද්ධි තොරතුරු මත සොයා ගන්නා ලද අවි 28ක් පසුව නාවික යුදායුධ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත. (භාවිත කළ හැකි තත්ත්වයේ 19ක් සහ භාවිත කළ නොහැකි තත්ත්වයේ 09ක්)
(iv) වාර්තා නොවේ.
(v) ඉහත දක්වා ඇති අතුරු සන්නද්ධ කණ්ඩායම් ප්‍රධානීන් සහ එහි බොහොමයක් සාමාජිකයින් වර්තමානය වන විට ක්‍රියාකාරී දේශපාලන ප්රවාහයට පිවිසී ඇත. තවද, උක්ත කණ්ඩායම් වෙතින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුවන්නේ ද යන්න පිළිබඳව ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ ස්ථාපිත පාබල සේනාංක, පාබල බලසේනා මූලස්ථාන සහ සියලු හමුදා ඒකක මෙන්ම බුද්ධි අංශ වෙතින් නිරන්තර අධීක්ෂණ/ආවේක්ෂණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය විධිවිධාන සකස් කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-10-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks