E   |     |  

 දිනය: 2026-05-07   පිළිතුර ලබා දී ඇත 

0765/2026: පාස්කු ඉරිදා ප්‍රහාරයේ මූලික විමර්ශන සඳහා සම්බන්ධ වූ නිලධාරින්: ඉවත් කිරීම

.

අසන ලද දිනය

2026-05-07

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් 222කි.

              (ii)      අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් 32කි.

             (iii)      2019 නොවැම්බර් 16 දින පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්. අබේසේකර මහතා ඇතුළු නිලධාරින් 32ක් ස්ථාන මාරු කර ඇති අතර, මෙම විමර්ශනය ඇතුළු රටෙහි ආන්දෝලනාත්මක විමර්ශන 08ක විමර්ශන කටයුතු පවත්වාගෙන ගිය අවස්ථාවක එම විමර්ශන කටයුතු අඩපණ කිරීමේ අදහසින් මෙම ස්ථානමාරු සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස්පති වෙත වාර්තා කර ඇත.

(iv) මේ වනවිට විශ්‍රාමික නිලධරයන් සහ පෞද්ගලික හේතූන් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත වීමට අකමැති නිලධරයන් හැර, අනෙකුත් නිලධරයන් සම්බන්ධ කරගනිමින් විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-05-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks