01

E   |     |  

 දිනය: 2013-07-23   පිළිතුර ලබා දී ඇත 

2710/2013: කළුබෝවිටියාන සී.ටී.සී. තේ කම්හලේ සිදු වී ඇති වංචාව : විධිමත් පරීක්ෂණයක්

2710/’12

ගරු බුද්ධික පතිරණ මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       මාතර දිස්ත්‍රික්කයේ, සීමාසහිත කළුබෝවිටියන තේ කර්මාන්තශාලාවට අයත් සී. ටී. සී. තේ කම්හලෙන් 2012. 01. 26 දින තේ පිරවූ බෑග් 240 ක් කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා අංක SP KL-5432 දරන ලොරි රථයට පටවා ඇති  බවත්;

(ii) එම තේ බෑග් ප්‍රමාණය පැටවූ බවට කම්හලේ අධිකාරී සහ ලොරි රියදුරු  විසින් තේ නිකුත් කරන ලද පොතෙහි අත්සන් තබා ඇති බවත්;

(iii) එම තේ බෑග් 240 න් තේ මිලදී ගන්නා ස්ථානයට අලෙවි කර ඇත්තේ බෑග් 200 ක් පමණක් බවත්;

(iv) කම්හල් ලේඛනවල 240 ක් ලෙස සටහන්ව තිබූ තේ බෑග් සංඛ්‍යාව පසුව 200 ක් ලෙස වෙනස්කර ඇති බවත්;

එතුමා දන්නෙහි ද?

(ආ) (i) කළුබෝවිටියන සී. ටී. සී. තේ කම්හලේ සිදුවී ඇති ඉහත සඳහන් වංචාව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන්නේද;

(ii) එසේ  නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-07-23

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අංක SP KL-5432 දරන ලොරි රථය මඟින් 2012.01.26 දින තේ පිරවූ බෑග් 200ක් කොළඹට ප්‍රවාහනය කර ඇත.

              (ii)      තේ බෑග් 200ක් පැටවූ බවට කම්හලේ අධිකාරි සහ ලොරි රියැදුරු විසින් තේ නිකුත් කරන ලද පොතෙහි අත්සන් තබා ඇත.

             (iii)      වාර්තා වී ඇති පරිදි තේ බෑග් 200ක් මිල දී ගන්නා ස්ථානයට භාර දී ඇත.

             (iv)      කම්හල් මුර පොතෙහි එදිනට අදාළ දත්ත වෙනස් කර ඇත.

(ආ) (i) මේ පිළිබඳව සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මඟින් වෙන වෙනම පරීක්ෂණ පවත්වා ඇත. කර්මාන්තශාලාවේ තොග සම්බන්ධ ලේඛන පරීක්ෂා කරන ලද අතර, එවැනි වංචාවක් සිදුව ඇති බවට කරුණු තහවුරු වී නොමැත.

(ii) සීමාසහිත කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම පරීක්ෂණ ආරම්භ කළ දිනය - 2012.03.27

      වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පරීක්ෂණ ආරම්භ කළ දිනය - 2012.12.12

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-09-16

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු අර්ල් ගුණසේකර මහතා, පා.ම. , මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks