E   |     |  

 දිනය: 2026-04-07   පිළිතුර ලබා දී ඇත 

0749/2026: පුත්තලම දිස්ත්‍රික්කයේ ධීවරයින්: ඉන්ධන සහනාධාරය

.

අසන ලද දිනය

2026-04-07

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර, ජලජ සහ සාගර සම්පත්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර ලබා  දෙනවා.

 

(අ)          (i)       පුත්තලම ධීවර දිස්ත්‍රික්කයේ කරදිය ධීවර කර්මාන්තයේ යෙදී සිටින සක්‍රිය ධීවරයන් සංඛ්‍යාව 13,130කි.  (2024 වර්ෂයේ සංඛ්‍යාලේඛන වාර්තා අනුව)

              (ii)       ඉන්ධන සහනාධාරය සඳහා නිර්දේශිත බෝට්ටු සංඛ්‍යාව 14,903යි.

ඉන්ධන සහනාධාරය ලබා දෙනු ලබන්නේ ධීවර බෝට්ටු හිමියන් සඳහා වේ. ඒ අනුව එක් බෝට්ටු හිමියෙකුට බෝට්ටු කිහිපයක් තිබිය හැකි බැවින්, ඉන්ධන සහනාධාරය ලබන ධීවරයින් කොපමණද කියන එක සංඛ්‍යාවක් ලෙස දැක්විය නොහැක.

(iii) රුපියල් 148,714,450යි.

(iv) 2024 වර්ෂය සඳහා යාත්‍රා ලියාපදිංචිය හා මෙහෙයුම් බලපත්‍රය සහිත සක්‍රිය ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර දිස්ත්‍රික්ක 15ට අදාළ ධීවර යාත්‍රා පිළිබඳ තොරතුරු පරිගණක මෘදුකාංගය ඔස්සේ ලබා ගැනීම හා යාවත්කාලීන කරන ලදී. එම ‍තොරතුරු පදනම් කරගෙන ඉන්ධන වැඩසටහන සඳහා යාත්‍රා ලියාපදිංචිය සිදු කරන ලදී. IMUL - බහුදින - හා one-day - එක්දින - ධීවර යාත්‍රා සඳහා ඔක්තෝබර් මාසයේ සිට මාර්තු මාසය දක්වා ඉන්ධන ලබා ගත් බිල්පත් සමඟ සහකාර අධ්‍යක්ෂ විසින් නිර්දේශ කරන ලද අදාළ අයදුම් පත් දිස්ත්‍රික් කාර්යාල මඟින් ප්‍රධාන කාර්යාලය වෙත යොමු කරන ලදී. අයදුම් පත්‍රයේ සඳහන් යාත්‍රා සඳහා වවුචර් සකස් කර එම වවුචර්පත් ලැබීමෙන් අනතුරුව අදාළ දීමනාව යාත්‍රා හිමියන්ගේ ගිණුමටම බැර කරන ලදී. OFRP සහ MTRB ධීවර යාත්‍රා සඳහා ඔක්තෝබර් මාසයේදී පමණක් බිල්පත්වලට ගෙවීම් සිදු කළ අතර, ධීවර සංවිධානවල ඉල්ලීම මත වැඩි කාර්යක්ෂමතාවකින් එය සිදු කිරීමට නොවැම්බර් මාසයේ සිට මාර්තු මාසය දක්වා - මාස පහක කාලයක් - සහකාර අධ්‍යක්ෂ විසින් සහතික කරන ලද සක්‍රිය ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර යාත්‍රා ලේඛනයක් ගෙන්වා ගෙන මසකට රුපියල් 9,375ක් බැගින් වන ස්ථාවර මුදලක් යාත්‍රා හිමියන්ගේ ගිණුම්වලට බැර කිරීම සිදු විය.

ප්‍රධාන කාර්යාලයට අයදුම් පත් ලැබුණු වහාම පරීක්ෂා කර ගෙවීම් සඳහා අඩුපාඩු තොරතුරු වට්ස්ඇප් හා විද්‍යුත් තැපෑල මඟින් ගෙන්වා ගෙන කාර්යක්ෂමතාව වැඩි කරගන්නා ලදී. උපරිම විනිවිදභාවයෙන් කටයුතු කළ යුතු වීම නිසා මෙම මුදල් ධීවරයින්ට ලබා දීම සිදු කරන ලද්දේ, ධීවරයා නමින් පිළිගත් වාණිජ බැංකුවක ඇති බැංකු ගිණුමකට බැර කිරීම මඟිනි. නමුත් ඇතැම් ධීවරයින් විසින් බැංකු ගිණුම් පිළිබඳ විස්තර ඉදිරිපත් කළද, එම ගිණුම් අංක නිවැරදි නොවීම හා ගිණුම් අක්‍රිය තත්ත්වයේ තිබීම හේතු කොටගෙන සහනාධාරය ලබා දීමේ ප්‍රමාදයන් සිදු වී තිබිය හැක. ධීවර ප්‍රජාව තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීමත්, විධිමත් මූල්‍ය පද්ධතියට අනුගත කර ගැනීමත් තවදුරටත් කළ යුතුව ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-04-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks