E   |     |  

 දිනය: 2026-04-22   පිළිතුර ලබා දී ඇත 

0748/2026: Implementation of combined time table for Bus service

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       බස්රථ ධාවනය සඳහා ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය මුල්වරට යෝජනා කරනු ලැබූ දිනය කවරේද;

            (ii)       මේ වනවිට එම ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය ක්‍රියාත්මක වන මාර්ග සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස කොපමණද;

(iii) එම ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය ක්‍රියාත්මක වන මාර්ගවල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථවලට අවාසි සහගත තත්ත්වයක් උද්ගතවී    ඇති බව දන්නේද;

(iv) එසේ නම්, එම ක්‍රමය නැවත සමාලෝචනය කර එකී මාර්ගවල ධාවනය වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ සඳහාද සාධාරණ අවස්ථා ලබාදීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-04-22

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks