පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
736/2025
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) E-වීසා ක්‍රමය සම්බන්ධයෙන්වූ වංචා සොයා බැලීම සඳහා වෝහාරික විගණනයක් සිදු කිරීමට එකඟවූ දිනය කවරේද;
(ii) එම වෝහාරික විගණනය සිදු කර තිබේ නම්, ඒ තුළින් අනාවරණයවූ කරුණු කවරේද;
(iii) ඉහත වංචා සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-12
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) රාජ්‍ය මුදල් කාරක සභාව විසින් GBS Technology Services & IVS Global FZCO (IVS-GBS) and VF Worldwiding Holding Ltd. සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව අතර මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීමේ සේවාව ආරම්භ කිරීම සම්බන්ධව 2024.07.12 දින නිකුත් කර ඇති වාර්තාවේ 1:10 අනුව මේ සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තු මඟින් වෝහාරික විගණනයක් සිදු කිරීමට නිර්දේශ කර ඇත.
(ii) වෝහාරික විගණනයක් සිදු කර නොමැත. විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් විශේෂ විගණනයක් සිදුකර ඇති අතර, එහි කෙටුම්පත අවසන් නිරීක්ෂණ සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත එවා ඇත. දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ 2025.09.17 දිනට පෙර ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.
(iii) මෙම E වීසා නිකුත් කිරීමේ ක්‍රමය අභියෝගයට ලක් කරමින් නඩු 08ක් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතී. එම නඩුවල තීන්දුව ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. අදාළ තොරතුරු ඇමුණුම 01හි දක්වා ඇත.
(ආ) පැන නොනඟි.
පිළිතුරු දුන් දිනය
2025-09-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks