බලන්න

04

E   |     |  

 දිනය: 2025-06-18   පිළිතුර ලබා දී ඇත 

0724/2025: 'සුව සැරිය' ගිලන් රථ සේවය: වැඩිදියුණු කිරීම

----

අසන ලද දිනය

2025-06-18

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ගරු කථානායකතුමනි, ඒක අදියර කීපයකින් වැඩිදියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

                        කෙටි කාලීන ක්‍රියාමාර්ග

                        1.       හැකි ඉක්මනින් අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීම (ප්‍රධාන වශයෙන් හදිසි වෛද්‍ය තාක්ෂණික නිලධාරින්)

ගරු මන්ත්‍රීතුමියනි, මේකට අනුමත cadre එක 895ක්. දැනට 534දෙනෙක් බඳවා ගෙන තිබෙනවා. හැබැයි, ඇත්තටම කැලණිය විශ්වවිද්‍යාලය ආශ්‍රිතව ඩිප්ලෝමාවට එන ළමයි ප්‍රමාණයට අනුව තමයි බඳවා ගැනීම් කරන්න වෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා, පාසල් මට්ටමින් හා තරුණ තරුණියන් අතර යම් දැනුවත් කිරීමක් සිදු කර ඒ තුළින් උනන්දුවක් ඇති කරලා, අයදුම්කරුවන් වැඩිපුර ගෙන්වා ගන්න.

2. පෙර වර්ෂවලදී නොලැබුණු අරමුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය වන අනුමැතීන් ලබා ගැනීම.

මෙවර අය වැයෙන් අපි රුපියල් මිලියන 5,000ක් මේ වෙනුවෙන් වෙන් කළා. පසුගිය වසරවල සමහර නිරීක්ෂණ අනුව අය වැයෙන් වෙන් කරන ලද මුදල් නොවැම්බර් මාසයේ විතර තමයි ඇවිල්ලා තිබෙන්නේ. ඒ නිසා සමහර උපකරණ මිලදී ගැනීමේදී සහ යටිතල පහසුකම් සංවර්ධනයේදී ගැටලු පැනනැඟිලා තිබෙනවා. නමුත්, ඒක අපිට නිරාකරණය කර ගන්න පුළුවන්, මේ රුපියල් මිලියන 5,000 Treasury එකෙන් ලබා දීමත් එක්ක.

3. 1990 හදිසි ඇමතුම් අංකය පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීම හරහා වෙනත් හදිසි ඇමතුම් අංක සමඟ සිදු වන ව්‍යාකුල තත්ත්වයන් මඟ හරවා ගැනීමට කටයුතු කිරීම.

පසුගිය කාලයේ අපි කළ සමීක්ෂණයකින් දැනගන්න ලැබුණා, ගිලන් රථ සේවය ගැන දන්නා ප්‍රමාණයට ඒ අංකය මතක නැති බව. ඒ නිසා අපි දැන් 1990 අංකය ජනතාවගේ මනස තුළ තහවුරු කිරීම තමයි කරන්න ඕනෑ. ඒ සඳහාත් අපි වැඩ පිළිවෙළක් සකස් කරමින් තිබෙනවා. 

4. මීට පෙර ආරම්භ කරන ලද "ගිලන් රථයක් භාර ගන්න" - "Adopt an Ambulance" - ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යෑම.

5. ගිලන් රථ අලුත්වැඩියා කිරීමේ කටයුතු අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යෑම.

මධ්‍ය කාලීන ක්‍රියාමාර්ග

1. රට පුරා ප්‍රතිචාර දැක්වීමේ කාලය විනාඩි 10ට වඩා අඩුවෙන් පවත්වා ගැනීම සඳහා ගිලන් රථ බල ඇණියට තවත් ගිලන් රථ 150ක් අනුයුක්ත කිරීම හරහා ශක්තිමත් කිරීම.

ඒ සම්බන්ධයෙන් අපි ඉන්දියානු රජයත් එක්ක සාකච්ඡා ආරම්භ කරලා තිබෙනවා. දැනට ගිලන් රථ 50ක් ලබා දෙන්න එකඟතාවක් තිබෙනවා. නමුත්, 150ක් දක්වා යෑමට හැකියාවක් තිබෙන බව නරේන්ද්‍ර මෝදි අගමැතිතුමාගේ සංචාරයේදිත් කියා තිබෙන බව අපට වාර්තා වුණා. අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙන් කොටසක් ණය පදනමෙනුත්, කොටසක් නොමිලේත් වශයෙන් ගිලන් රථ ප්‍රමාණයක් අපට ලැබෙනවා.

2. හදිසි අණ සහ පාලන මධ්‍යස්ථානය - Emergency Command and Control Centre - තවදුරටත් පුළුල් කිරීම.

3. 1990 සුවසැරිය පදනම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ එහි පුහුණු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කිරීම.

දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග

1. එංගලන්තයේ නව බකිංහැම්ෂයර් විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම මඟින් අපේ තාක්ෂණ නිලධාරින් සඳහා උපාධියක් හඳුන්වා දීමට කටයුතු කිරීම.

2. ජීවිත බේරා ගැනීමේ හැකියාව ඉහළ නැංවීම අරමුණු කරගෙන සියලුම ගිලන් රථ වෙත යාන්ත්‍රික CPR උපකරණ හා උසස් තත්ත්වයේ ජීවිත ආරක්ෂක ගිලන් රථ පද්ධතියක් හඳුන්වා දීම.

3. හදිසි අණ සහ පාලන මධ්‍යස්ථානය ජාත්‍යන්තර තත්ත්වයට අනුව උසස් කිරීමට කටයුතු කිරීම.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2025-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks