පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
712/2025
ගරු මුජිබුර් රහුමාන් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2015 වර්ෂයේ සිට 2019 දක්වා කාල පරිච්ඡේදයේදී සිදු වී ඇති වංචා, දූෂණ සහ ඝාතන සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දේශපාලකයන්ට සහ රාජ්‍ය නිලධාරින්ට එරෙහිව 2020 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පවරා ඇති නඩු සංඛ්‍යාව කොපමණද;
(ii) ඒ අතරින් මේ වනවිට නඩු කටයුතු අවසන් වී ඇති නඩු සංඛ්‍යාව කොපමණද;
(iii) එම නඩු කවරේද;
(iv) ඉහත (i)හි සඳහන් නඩු අතරින් ඉල්ලා අස්කරගෙන ඇති නඩු සංඛ්‍යාව කොපමණද;
(v) එම නඩු කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-07-09
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 2015-2019 කාල පරිච්ඡේදයේදී දේශපාලනඥයන්ට හා රාජ්‍ය නිලධාරින්ට එරෙහිව වාර්තා වූ පැමිණිලි අතරින් 2020-2024 කාලය තුළ පවරා ඇති නඩු සංඛ්‍යාව - 157කි.
(ii) මේ වන විට නඩු කටයුතු අවසන් වී ඇති නඩු සංඛ්‍යාව 65කි. එක් එක් වර්ෂය අනුව ඒවා පහත පරිදි වේ.
|
අ/අ |
නඩු පවරන ලද වර්ෂය |
වර්ෂයට අදාළ නඩු ප්‍රමාණය |
|
01. |
2020 වර්ෂය |
20 |
|
02. |
2021 වර්ෂය |
20 |
|
03. |
2022 වර්ෂය |
15 |
|
04. |
2023 වර්ෂය |
07 |
|
05 |
2024 වර්ෂය |
03 |
(iv) 03කි.
(v)
|
අනු අංකය |
නඩු අංකය |
නඩුව පවරණ ලද වර්ෂය |
චූදිතයාගේ නම/ තනතුර |
නඩුවේ තීරණය |
|
1 |
HCB/ 105 |
2021 |
සංවර්ධන නිලධාරි |
ඉල්ලා අස්කර ගන්නා ලදී. (පළමුවන සාක්ෂිකරු විදේශගතව සිටීම මත.) |
|
2 |
HCB/127 |
2021 |
හිටපු ජනපද නිලධාරි |
ඉල්ලා අස්කර ගන්නා ලදී. (පළමුවන සාක්ෂිකරු අසනීප වීම හේතුවෙන් අධිකරණයට කැඳවීමට නොහැකි වීම මත.) |
|
3 |
HCB/218 |
2023 |
හිටපු ලේඛන සහකාර |
ඉල්ලා අස්කර ගන්නා ලදී. (පළමුවන හා දෙවන සාක්ෂිකරු විදේශගතව සිටීම මත.) |
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-07-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks