පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
704/2025
ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වන රෝහල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම රෝහල්වල නම් කවරේද;
(iii) එම එක් එක් රෝහලේ පවතින වෛද්‍ය, හෙද, පරිපූරක වෛද්‍ය සේවා සහ සුළු සේවක පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම රෝහල්වල භෞතික හා මානව සම්පත් සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-06
අසන ලද්දේ
ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා.
(අ) (i)
|
|
මහනුවර |
මාතලේ |
නුවරඑළිය |
එකතුව |
|
දිස්ත්‍රික් මූලික රෝහල් - A |
0 |
1 |
1 |
2 |
|
දිස්ත්‍රික් මූලික රෝහල් - B |
1 |
0 |
1 |
2 |
|
ප්‍රාදේශීය රෝහල් - A |
16 |
7 |
2 |
25 |
|
ප්‍රාදේශීය රෝහල් - B |
21 |
6 |
9 |
36 |
|
ප්‍රාදේශීය රෝහල් - C |
10 |
6 |
13 |
29 |
|
පුනරුත්ථාපන රෝහල - දිගන |
1 |
0 |
0 |
1 |
|
ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක |
28 |
14 |
22 |
64 |
|
රෝහල් එකතුව |
77 |
34 |
48 |
159 |
(ii) ඇමුණුම 01 මඟින් දක්වා ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ රෝහල් 77ක්, මාතලේ දිස්ත්‍රික්කයේ රෝහල් 31ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ 48ක් තිබෙනවා.
(iii) ඇමුණුම 02 මඟින් දක්වා ඇත. එය දීර්ඝ ඇමුණුමක්. ඇමුණුම 02 සභාගත* කරමි.
(iv) 1. රෝහල් සඳහා පවතින අවශ්‍යතා ප්‍රමුඛතාගත කරමින් විවිධ ව්‍යාපෘති යටතේ ලැබෙන ප්‍රතිපාදන උපයෝගි කර ගනිමින් භෞතික සම්පත් අත්පත් කර ගැනීමට කටයුතු සිදු කරමින් තිබෙනවා.
2. මානව සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය බඳවා ගැනීම් කිරීමටත්, ඒ වාගේම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, ආයතනික මට්ටමින්, පළාත් සභා සහ ජාතික මට්ටමින් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමටත් තිබෙනවා.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-08-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks