01

E   |     |  

 දිනය: 2025-06-05   පිළිතුර ලබා දී ඇත 

0702/2025: දීඝවාපිය සිට කලියෝඩේ දක්වා වන ප්‍රධාන ඇළ මාර්ගය: ප්‍රතිසංස්කරණය

702/2025

ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන්  ඇසීමට,— (1)

(අ)         (i)      කලියෝඩේ ගංගාව ආශ්‍රිත වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් දීඝවාපිය සිට කලියෝඩේ දක්වා කිලෝ මීටර් 04ක් දිගින් යුතු ප්‍රධාන ඇළ මාර්ගය  නිරන්තරයෙන් කැඩී යාම හේතුවෙන් අක්කරේපත්තුව, අඩ්ඩාලචේන, ඔලුවිල් සහ පාලමුනේ යන ප්‍රදේශවල කුඹුරු ඉඩම් අක්කර දහස් ගණනක් දැඩි ලෙස හානියට පත් වන බව දන්නේද;

(ii) ඉහත සඳහන් ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඇස්තමේන්තුවක් සකස් කර තිබේද;

(iii) එසේ නම්, එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඇස්තමේන්තු ගත වියදම කොපමණද;

‍ (iv)  එම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-06-05

අසන ලද්දේ

ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ග‍ඟේ පිටවාන වසා දමා කුඹුරු වගා කිරීම නිසා සහ ගං ඉවුරු පහත් කර ගඟ රක්ෂිතය තුළද වගා කටයුතු කිරීම නිසා වර්ෂා සමයේදී ගං ඉවුරු කැඩී යෑම හේතුවෙන් කුඹුරු ඉඩම්වලට හානි සිදුවී ඇත.

              (ii)      කැඩී ගිය ගං ඉවුරු ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මේ වන විට ඇස්තමේන්තු සකසමින් පවතී.

            (iii)      ඇස්තමේන්තු සකස් කරමින් පවතී.

(iv) යල කන්නය අවසන් වීමෙන් පසු කැඩී ගිය තැන්වල ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට සූදානම් කර ඇත.

(ආ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-06-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks