E   |     |  

 දිනය: 2026-03-17   පිළිතුර ලබා දී ඇත 

0682/2026: නොරොච්චෝලේ "ලක් විජය" විදුලි බලාගාරය: 2020 සිට උත්පාදනය සහ බිඳවැටීම්

.

අසන ලද දිනය

2026-03-17

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2020 සිට 2025 දක්වා ලක් විජය බලාගාරය ජාතික විදුලිබල පද්ධතිය වෙත ලබා දී ඇති වාර්ෂික දායකත්වය පහත දක්වා ඇත.

වර්ෂය  

ශුද්ධ ජනනය (ගිගාවොට් පැය)

ඒකක 1

ඒකක 2

ඒකක 3

ඒකක 4

2020

1,947.86

2,036.50

1,769.97

5,754.33

2021

1,901.93

1,876.56

1,740.55

5,519.04

2022

2,033.04

1,295.42

1,845.31

5,173.78

2023

1,593.41

1,875.53

1,176.58

4,645.52

2024

1,428.87

2,010.40

2,042.27

5,481.54

2025

1,309.00

1,780.83

1,780.45

4,870.28

 

         (ii)      එක් එක් ජනන ඒකක වසා දැමුණු අවස්ථා ගණන, අදාළ දිනයන් සහ වසා දැමීමට හේතු ඇතුළත්ව, සැලසුම් කළ සහ සැලසුම් නොකළ සියලුම වසා දැමීම් පිළිබඳ වාර්තාව ඇමුණුම 2A, ඇමුණුම 2B සහ ඇමුණුම 2C මඟින් ඒ ඒ ජනන යන්ත්‍ර අනුව දක්වා ඇත.  ඇමුණුම සභාගත කරමි.

                        සමස්ත විදුලි පද්ධතිය බිඳවැටීම් සහ සම්ප්‍රේෂණ ජාලයේ දෝෂ වැනි බාහිර බාධාවන් හේතුවෙන්ද දෝෂ සිදු වී තිබූ අතර, ඒ පිළිබඳව විශේෂ සටහන් තීරුවේ දක්වා ඇත. විශේෂයෙන්ම ඇතැම් අවස්ථාවලදී පද්ධති පාලන මධ්‍යස්ථානයේ ඉල්ලීම් අනුව ප්‍රධාන වශයෙන් ඉල්ලුම අඩුවීම හේතු කොටගෙන ඒකක වසා තැබීම සිදු කර ඇත.

(iii) මෙම ප්‍රශ්නය සඳහා පිළිතුර සැපයීමට කාලය අවශ්‍ය වන අතර පද්ධති පාලන මධ්‍යස්ථානයෙන් එම තොරතුරු ලබා ගෙන හැකි විගස වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇත.

 

             (iv)      එක් එක් ජනන ඒකක වසා දැමුණු අවස්ථා ගණන, අදාළ දිනයන් සහ වසා දැමීමට හේතු ඇතුළත්ව, සැලසුම් කළ සහ සැලසුම් ‍නොකළ සියලුම වසා දැමීම් පිළිබඳ වාර්තාව මා කලින් කිව්වා වාගේ ඇමුණුම 2A, ඇමුණුම 2B සහ ඇමුණුම 2C හි දක්වා ඇත.

                        සමස්ත විදුලි පද්ධතිය බිඳවැටීම් සහ සම්ප්‍රේෂණ ජාලයේ ‍දෝෂ වැනි බාහිර බාධා හේතුවෙන් ද දෝෂ ඇති වුණු අවස්ථා විශේෂ සටහන් තීරුවේ දක්වා ඇත. කලින් පිළිතුරේ වාගේම ඇතැම් අවස්ථාවලදී පද්ධති පාලන මධ්‍යස්ථානයේ ඉල්ලීම අනුව, ප්‍රධාන වශයෙන් ඉල්ලුම අඩු වූ අවස්ථාවලදී වසා දැමීම් සිදු කර ඇත.

(v) බලාගාරයේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා මේ වන විටත් නිසි ක්‍රියාමාර්ග ගෙන ඇත.

තවද, බාහිර දෝෂ හේතුවෙන් අනවශ්‍ය ලෙස ක්‍රියා විරහිත වීම් - trippings - ඇති වීම වළක්වා ගැනීම සඳහා පාලන පද්ධති නවීකරණ කටයුතු - control system logic modifications - සහ පිළියවනවල - ROCOF relays - ආරක්ෂණ සැකසුම් - protection settings - වැඩි දියුණු කිරීම මේ දිනවල සිදු කර ඇත.

මීට අමතරව, ටර්බයින ඩයප්‍රම පිපිරී යෑම වැළැක්වීම සහ එමඟින් අලුත්වැඩියාවන් සඳහා දීර්ඝ කාලයක් ගත වීම මඟ හරවා ගැනීම තුළින් සමස්ත පද්ධති බිඳ වැටීමකින් පසුව විදුලි බලාගාරය යළි පණ ගැන්වීම ප්‍රමාදයන්ට ලක් වීම අවම කරලීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී.

ඇමුණුම් 2A, 2B සහ 2C  සභාගත* කරමි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-03-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks