E   |     |  

 දිනය: 2026-03-03   පිළිතුර ලබා දී ඇත 

0681/2026: නොරොච්චෝලේ බලාගාරයේ සිසිලන ක්‍රියාවලියට භාවිත කරන ජෙනරේටර් යන්ත්‍ර: විස්තර

681/2025

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,—  බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ, විදුලි උත්පාදන යන්ත්‍ර රත්වීම පාලනය කිරීමට අවශ්‍ය සිසිලන ක්‍රියාවලිය සඳහා භාවිතා කිරීමට ජෙනරේටරයක් ගෙනෙන ලද දිනය කවරේද;

(ii) එම ජෙනරේටරය සඳහා වැය කරන ලද මුදල කොපමණද;

(iii) එම ජෙනරේටරය මේ වනතෙක් භාවිතයට ගෙන නොමැති බව දන්නේද;

(iv) ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්‌ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-03-03

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මේ සඳහා ජෙනරේටරයක් මිලදී ගෙන නොමැත. කෙසේ වුවද, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති තොරතුරුවලට අනුව 2015 වසරේදී චීන රජය විසින් එවකට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත ප්‍රදානයක් ලෙස ලබා දුන් ජෙනරේටර් යන්ත්‍ර දෙකක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබාදීමෙන් අනතුරුව ඒවා නොරොච්චෝලේ බලාගාරය වෙත ලබා දී ඇත.
ලක්විජය බලාගාරයේ -එනම් නොරොච්චෝලේ බලාගාරයේ- සිසිලන යන්ත්‍රය සහ ඒ හා සම්බන්ධ අනෙකුත් පද්ධති ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය විදුලි බලය ලබා ගන්නේ බලාගාරයේ ඇති උත්පාදන යන්ත්‍රවලින්ම වන අතර උත්පාදන යන්ත්‍ර ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී සිසිලන පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදුලිය ජාතික පද්ධතියෙන් ලබා ගනී.

(ii) එම ජෙනරේටර 02 ලැබී ඇත්තේ චීන රජයේ ප්‍රදානයක් ලෙසය.

(iii) සමස්ත විදුලිය බිඳ වැටීමකදී - blackout අවස්ථාවකදී - සිසිලන පද්ධතිය සඳහා මෙම ජෙනරේටර භාවිත කර විදුලිය ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව බලාගාරයේ ඉංජිනේරුවන් විසින් බලාගාරය ඉදිකළ සමාගමේ සහ බලාගාරය සැලසුම් කළ ආයතනයේ සහාය ඇතිව පරීක්ෂණ සිදු කරමින් පවතී. පරීක්ෂණවලින් පසුව සිසිලන පද්ධතියට අවශ්‍ය වෙනස්කම් කර මෙම ජෙනරේටර 02 නිසි පරිදි සේවයේ යොදවා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.

(iv) ඉහතින් සඳහන් කළ පරිදි කටයුතු සිදු කරමින් පවතී.

(ආ) අදාළ නොවේ

පිළිතුරු දුන් දිනය

2026-03-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks