පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ආයතනය ලැබූ අලාභය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම අලාභය වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ආයතනයට ලබා දුන් මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ආයතනය අලාභ ලබන අවස්ථාවකදී, එම ආයතනය තවදුරටත් රජයේ ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට තීරණය කරන ලද දිනය කවරේද;
(iv) එම තීරණය ගැනීම සඳහා හේතුවූ කරුණු කවරේද;
(v) එම ආයතනය රජයේ ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට ගනු ලැබූ තීරණය නැවත සලකා බැලීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-22
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
ශුද්ධ ලාභය/බදු ගෙවීමට පෙර ලාභය/(අලාභය) රු. මිලියන |
|
2015/16 |
(12,622) |
|
2016/17 |
(28,930) |
|
2017/18 |
(17,214) |
|
2018/19 |
(44,023) |
|
2019/20 |
(47,198) |
|
2020/21 |
(45,231) |
|
2021/22 |
(166,370) |
|
2022/23 |
(73,265) |
|
2023/24 |
3,872 |
|
2024/25 |
(7,595) |
|
2025/26 (විගණනය නොකළ කෙටුම්පත) |
(23,211) |
(ii) මහා භාණ්ඩාගාරය එක් එක් වර්ෂයේ අලාභය පියවීම සඳහා ඍජුව ප්‍රතිපාදන ලබා දී නොමැත. කෙසේ වෙතත්, අවශ්‍යතාව පරිදි ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙත හිමිකම් නිකුතු ලබා දී ඇති අතර එම අවශ්‍යතා සහ ලබාදුන් ප්‍රතිපාදන පහත ඇමුණුමෙහි දක්වා ඇත.
(iii) ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් සමාගමේ අනාගත දිශාව තීරණය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින්, 2026 ජුනි 08 දිනැති අංක 26/1134/804/130-1 දරන තීරණය මඟින් අමාත්‍ය මණ්ඩලය විසින් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ උපායමාර්ගික සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කමිටුවක් පත් කිරීම අනුමත කරන ලදී. ප්‍රතිව්‍යුහගත කිරීමේ විකල්ප සහ දිගුකාලීන තිරසරභාවය ඇතුළුව ගුවන් සමාගම සඳහා අනාගත ක්‍රියාමාර්ග ඇගයීම කමිටුවට පැවරී ඇත.
(iv) පැන නොනඟී.
(v) ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් ආයතනය දැනටමත් රජයට අයත් ආයතනයක් වන අතර, එහි කොටස්වලින් සියයට 99.77ක් ශ්‍රී ලංකා රජය සතු ය.
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඉදිරි ගමන තීරණය කිරීම සඳහා, 2026.06.08 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව අංක 26/1134/804/130-I තීරණය මඟින් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ උපායමාර්ගික සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කමිටුවක් පත් කරන ලදී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks