E   |     |  

 දිනය: 2026-05-20   පිළිතුර ලබා දී ඇත 

0673/2026: පාකිස්තාන-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම: විස්තර

673/2025

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරන ලද දිනය කවරේද;

           (ii)       එම ගිවිසුම අත්සන් කිරීමේ අරමුණු කවරේද;

       (iii) වර්ෂ 2020 සිට 2024 දක්වා එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලද ආනයනවල හා අපනයනවල වටිනාකම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;‍

        (iv) එම ගිවිසුම නැවත සමා‍ලෝචනය කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-05-20

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)      පාකිස්තාන-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම -Pakistan-Sri Lanka Free Trade Agreement - PSFTA- 2002 අගෝස්තු 01වන දින අත්සන් කරන ලද අතර එම ගිවිසුම 2005 ජුනි 12වන දින සිට ක්‍රියාත්මක/බලාත්මක විය. මෙම ගිවිසුම භාණ්ඩ සඳහා පමණක් සීමා වන අතර, ශ්‍රී ලංකාව විසින් ඇතුළත් වන ලද දෙවන ද්විපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුමයි.

         (ii)      •     භාණ්ඩ සහ සේවාවන්හි වෙළෙඳාම පුළුල් කිරීම මඟින් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතාවල සමගාමී සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම.

• පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර භාණ්ඩ හා සේවා වෙළෙඳාම සඳහා සාධාරණ තරගකාරී කොන්දේසි සැපයීම.

• භාණ්ඩ සහ සේවා වෙ‍ළෙඳාමට ඇති බාධක ඉවත් කිරීම මඟින්, දෙරට අතර මෙන්ම ලෝක වෙළෙඳාමේද සමගාමී සංවර්ධනය සහ ව්‍යාප්තියට දායක වීම.

(iii)

වර්ෂය

පාකිස්තාන-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ අපනයන

පාකිස්තාන-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයන

ශ්‍රී ලංකාවේ පාකිස්තානය වෙත අපනයන

ශ්‍රී ලංකාවේ පාකිස්තානයෙන් ආනයන

2020

52.96

10.81

74.27

324.26

2021

62.25

12.32

91.86

394.34

2022

55.26

12.06

77.84

342.32

2023

45.87

10.59

132.98

323.00

2024

46.22

24.15

76.25

456.66

2025

47.52

18.06

74.77

351.17

(iv) කැබිනට් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ නිදහස් සහ වරණීය වෙළඳ ගිවිසුම් සමාලෝචනය කිරීම සහ අනාගත වෙළඳ සාකච්ඡා සහ වෙළෙඳ ගිවිසුම් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් මෑතකදී පත් කර ඇත. මෙම කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විසිනි. මෙම ගිවිසුම් පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් මේ වන විට සිදු වෙමින් පවතින අතර, අවසන් වාර්තාව 2026 ජූනි මාසයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. මෙම සමාලෝචනය අවසන්වීමෙන් පසුව, පාකිස්තාන-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඇතුළු ශ්‍රී ලංකාවේ සියලු වෙළෙඳ ගිවිසුම්වල අනාගත දිශානතිය තීරණය කරනු ලැබේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-05-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්.එම්. ජයවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks