බලන්න

E   |   த   |  

 දිනය: 2026-09-11   පිළිතුර ලබා දී ඇත 

0664/2026: 2021 සිට උත්පාදනය සහ පරිභෝජනය කරන ලද විදුලිය: විස්තර

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,—  බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)      2021 වර්ෂයේ සිට මේ දක්වා —

              (i)      මෙරට පරිභෝජනය සඳහා අවශ්‍යවූ මුළු විදුලිය ප්‍රමාණය;

             (ii)      ජල විදුලියෙන්, ගල් අඟුරු හෝ ඩීසල් මඟින්, සූර්ය බල ශක්තිය සහ සුළං මඟින් ලබාගත් විදුලිය ප්‍රමාණය;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) 2024 වර්ෂයේ සිට මේ දක්වා —

(i) පෞද්ගලික ඩීසල් බලාගාරවලින් ලබාගත් විදුලි ප්‍රමාණය;

(ii) පෞද්ගලික සූර්ය බලශක්ති නිෂ්පාදන හරහා (නිවාස ඇතුළත්ව) ලබාගත් විදුලි ප්‍රමාණය;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) සූර්ය සහ සුළං බලයෙන් විදුලිය උත්පාදනය වැඩි කිරීම සඳහා පියවර ගන්නේද;

(ii) විදුලිය උත්පාදනය අතිරික්ත වන අවස්ථා තිබේද;

(iii) එසේ නම්, එම අතිරික්ත විදුලිය කළමනාකරණය කර ගැනීමේ වැඩපිළිවෙළ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-09-11

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      දේශීය පාරිභෝජනය සඳහා අවශ්‍ය වූ මුළු විදුලි ප්‍රමාණය (2021 සිට)                 

වර්ෂය

බලශක්ති පරිභෝජනය (ගිගාවොට් පැය)

2021

15,214

2022

14,520

2023

14,153

2024

15,191

2025

16,374

              (ii)     

වර්ෂය

ප්‍රධාන ජල විදුලි

ගල් අඟුරු

ඩීසල්

වෙනත් ඉන්ධන

සූර්ය

සුළං

කුඩා ජල විදුලි

ඩෙන්ඩ්‍රෝ සහ ජෛව ස්කන්ධ

එකතුව (ගිගාවොට් පැය)

2021

5639.99

5519.04

317.41

2316.96

545.52

645.66

1568.15

162.85

16,715.58

2022

5364.29

5173.78

328.32

2138.87

719.94

723.12

1376.75

117.16

15,942.24

2023

4573.17

4645.52

213.65

2921.20

859.44

818.19

1390.49

166.68

15,588.35

2024

5426.18

5481.54

115.87

2222.64

1123.11

792.00

1473.22

167.05

16,801.63

2025

6306.08

4870.28

135.99

2079.70

2281.43

774.31

1425.32

203.02

18,076.14

206 (ජුනි 30 දක්වා)

2294.10

2808.70

383.34

1520.77

1570.12

326.11

476.75

90.77

9,470.66

                        සටහන: LECO සමාගම මඟින් ලබා ගත් වහල මත සවි කළ සූර්ය බලශක්තිය 2025 වසරේ සිට ඇතුළත් කර ඇත.

(ආ) (i) පෞද්ගලික ඩීසල් විදුලි බලාගාරවලින් ලබා ගත් විදුලි ප්‍රමාණය (2024 සිට)

 

වර්ෂය

පෞද්ගලික ඩීසල් විදුලි බලාගාර හරහා ලබා ගත් බලශක්තිය (ගිගාවොට් පැය)

2024

19.04

2025

105.93

2026 (ජූනි 30 දක්වා)

321.58

  (ii) 2024 වසරේ සිට (ගෘහස්ථ ස්ථාපනයන් ඇතුළත්ව) පෞද්ගලික සූර්ය බලශක්ති උත්පාදනය හරහා ලබා ගත් විදුලි ප්‍රමාණය

වර්ෂය

පුද්ගලික සූර්ය බලශක්ති උත්පාදනය හරහා ලබා ගත් බලශක්තිය (ගිගාවොට් පැය)

2024

1123.11

2025

2281.43

2026 (ජූනි 30 දක්වා)

1570.12

(ඇ) (i) ඔව්.

 අපි 2025-2044 කාලය සඳහා විදුලි ජනන සැලැස්ම ඉදිරිපත් කර තිබෙනවා. ඒ විදුලි ජනන සැලැස්ම අනුව සියයට 70ක් renewable energyවලින් ලබා ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. 2030 වනකොට ඒ සියයට 70 ළඟා කරගන්න තමයි අපේ බලාපොරොත්තුව තිබෙන්නේ. ඇත්තටම දැනටමත් අපි සියයට 60-70 අතර ප්‍රමාණයකට renewable energyවලින් විදුලිය ජනනය කිරීම කරගෙන තිබෙනවා. නමුත් අපිට සමහර ගැටලු තිබෙනවා, විශේෂයෙන් solar මඟින් විදුලිය ලබා ගැනීමේ approval process එකේදීත්, ඒ වාගේම සමහර ඉඩම් අත්පත් කර ගැනීමේදීත්. විශේෂයෙන් තිබෙන ගැටලුව මේකයි. අපේ සම්ප්‍රේෂණ පද්ධතිය තුළ අපිට සමහර ස්ථානවල ඒ සඳහා විභවතාවක් තිබුණත්, ඒ විභවතාවෙන් ජනනය වන විදුලිය ප්‍රධාන ජාතික විදුලිබල පද්ධතියට ඇතුළු කර ගැනීම සඳහා සම්ප්‍රේෂණ පද්ධතියේ යටිතල පහසුකම්වල තිබෙන දුර්වලතාව මේ සඳහා බාධාවක් වෙලා තිබෙනවා. 

අපි සාමාන්‍යයෙන් rooftop solar panels ගත්තොත්, එය පසුගිය කාලවල විශාල වර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. දැනටමත් ඒ තුළින් මෙගාවොට් 2,500ක විතර ප්‍රමාණයක් ජනනය වෙනවා. ඒ වාගේම, ground-mounted solar panels ගත්තොත්, මෙගාවොට් 530ක විතර ප්‍රමාණයක් ජනනය කරනවා. එමෙන්ම, wind power plants ගත්තොත්, ඒ තුළින් මෙගාවොට් 250කට වැඩි ප්‍රමාණයක් අපි මේ වනකොට ජනනය කරනවා. ඒ අර්ථයෙන් ගත්තාම, දැනට ඇත්තටම මේ ප්‍රභව තුනෙන් විතරක් සියයට 40කට වඩා වැඩි ප්‍රමාණයක් අපි විදුලිය ජනනය කරනවා.

ඒ වාගේම සැලැස්මක් හරහා, 2027-2029 කාල සීමාව තුළ සූර්ය බලයෙන් මෙගාවොට් 1,392කුත්, සුළං බලයෙන් තවත් මෙගාවොට් 370කුත්, Battery Energy Storage System එක හරහා තවත් මෙගාවොට් 1,000කුත් පද්ධතියට එකතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

(ii)  ඔව්.

නමුත්, මේ surplus එක එන්නේ දීර්ඝ කාලයක් තිස්සේ නොවෙයි. සමහර නිශ්චිත දවස්වල, විශේෂයෙන්ම ඉරිදා දවස්වලත්, ඒ වාගේම නිවාඩු දවස්වලත්, - අපි දැක්කා, වෙසක් පොහොය වාගේ ප්‍රධාන නිවාඩු දවස්වල - අතිරික්ත විදුලි ජනනයක් සිද්ධ වෙනවා. ඒ කාලය තුළ අපට පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා සමහර අවස්ථාවලදී සූර්ය බලය යම් ප්‍රමාණයකට පාලනය කරන්න සිද්ධ වෙනවා. නමුත්, අපි ඉදිරියේදී විශේෂයෙන්ම අපේ Battery Energy Storage System එක වැඩිපුර ප්‍රමාණයක් හඳුන්වා දීමත් එක්ක දවල් කාලයේ වැඩිපුර ජනනය වන ප්‍රමාණය ගබඩා කරලා, රාත්‍රී කාලයේදී, peak hours කාලයේදී ඒවා භාවිත කිරීම සඳහා කටයුතු කරනවා. එතකොට අපට මේ solar powerවල curtailment එක අඩුකර ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

(iii) එතුමා මේ ප්‍රශ්නයෙන් අහන්නේ, solar powerවල තිබෙන surplus එක manage කරන්නේ කොහොමද කියලා. මම කලින් කිව්වා වාගේ, අපි මේ වෙනකොට BESS එක සඳහා මෙගාවොට් 160කට ටෙන්ඩර් call කරලා තිබෙනවා. ඒ කටයුතු දැන් අවසන් අදියරේ තිබෙන්නේ. අපි මේ මාසයේදී දෙකක් විවෘත කරලා ප්‍රධාන පද්ධතියට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. දෙසැම්බර් මාසය වෙනකොට මේ මෙගාවොට් 160ම ප්‍රධාන පද්ධතියට ඇතුළත් කර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වාගේම තවත් මෙගාවොට් 100ක් සහ 250ක් සඳහා tender process එකත් අවසන් අදියරේ තිබෙන්නේ. ඒවා evaluation process එකේ තමයි තිබෙන්නේ. එතකොට අපට තවත් මෙගාවොට් 350ක් එ් හරහා එකතු කරගන්න පුළුවන්. ඒ වාගේම තවත් මෙගාවොට් 150ක් අපි විවෘත කරලා තිබෙනවා, ground-mounted solar power plants තිබෙන අයට. ඒ ටෙන්ඩර් එකත් දැන් float කරලා තිබෙන්නේ, RFPs call කරලා තිබෙන්නේ. ඒකෙන් තවත් මෙගාවොට් 150ක් BESS හරහා අපට එකතු කරගන්න පුළුවන්. ඒක අපි විශේෂයෙන්ම ground-mounted solar power  plants තිබෙන අයට තමයි දීලා තිබෙන්නේ. ඒ විධියට ගත්තාම අපට පුළුවන්කම ලැබෙනවා, BESS හරහා අතිරේක ප්‍රමාණයක් පද්ධතියට ගබඩා කරගන්න. ඒ වාගේම අපේ සැලසුමක් තිබෙනවා, මහ ඔය ආශ්‍රිතව මෙගාවොට් 600ක pumped storage power plant එකක් හදන්න. ලංකාවේ පළවැනි වතාවට එය කෙරෙන්නේ. එතකොට දවල් කාලයේ අතිරික්තව ජනනය වන විදුලිය පාවිච්චි කරනවා, ජලය ඉහළට ගෙනැල්ලා ගබඩා කරලා අවශ්‍ය අවස්ථාවල විදුලිය ජනනය කිරීම සඳහා‍.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-09-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks