E   |     |  

 දිනය: 2026-07-24   පිළිතුර ලබා දී ඇත 

0658/2026: අනුරාධපුර, ඇලයාපත්තුව උළු කර්මාන්තශාලාව: වර්තමාන තත්ත්වය

ගරු රෝහණ බණ්ඩාර මහතා,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇලයාපත්තුව ප්‍රදේශයේ උළු කර්මාන්තශාලාවක් තිබෙන බවත්;

             (ii)      මේ වනවිට‍ එම උළු කර්මාන්තශාලාව අක්‍රිය තත්ත්වයේ පවතින බවත්;

(iii) ඒ හේතුවෙන්, එම කර්මාන්තශාලාවේ වටිනා යන්ත්‍රෝපකරණ දිරාපත් වෙමින් තිබෙන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එම කර්මාන්තශාලාව නැවත ආරම්භ කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-24

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      ඔව්.

              (ii)      ඔව්.

             (iii)      මෙම කර්මාන්තශාලාව සහිත ඉඩම කර්මාන්තපුරයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා යෝජිත බැවින් එහි තිබෙන ප්‍රයෝජනයට ගත හැකි යන්ත්‍ර සූත්‍ර ගලවා ඔඩ්ඩුසුඩාන් සහ එරගම කර්මාන්තශාලා වෙත රැගෙන ගොස් ඇති අතර ඉතිරි අබලි ද්‍රව්‍ය මේ වන විටත් ඉවත් කරමින් පවතී.

(ආ)      ඇලයාපත්තුව උළු කර්මාන්තශාලාව නැවත ආරම්භ කිරීමක් සිදු නොවන අතර ලංකා පිඟන් සංස්ථාව සතු කර්මාන්තශාලා ඵලදායී ලෙස උපයෝජනය කිරීම යන මැයෙන් 2025.12.31 දිනැතිව ඉදිරිපත් කළ  අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ලබා දී ඇති  අංක අමප/26/0067/810/005 හා 2026.01.26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ලංකා පිඟන් සංස්ථාව සතු ඇලයාපත්තුව ඇතුළු අනෙක් කර්මාන්තශාලා පිහිටි ඉඩම් 03ක (බංගදෙනිය, යටියන, වෑඋඩ) කර්මාන්තපුර ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන වාර්තාවද ඇතුළත් සවිස්තරාත්මක ව්‍යාපෘති යෝජනාවක් සකස් කර සමාලෝචනය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වේ. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදු කරමින් පවතී.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks