පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2023 වර්ෂයේ සිට මේ දක්වා දුම්වැටි සඳහා බදු සංශෝධනය කර ඇති වාර ගණන කොපමණද;
(ii) එම සංශෝධන කවරේද;
(iii) දුම්වැටි සඳහා අය කරන බදුවලින් වාර්ෂිකව රජයට ලැබෙන ආදායම කොපමණද;
(iv) අවසන් වරට සිදු කරන ලද බදු සංශෝධනයේදී දුම්වැටි කාණ්ඩයේ එක් නිෂ්පාදනයක් (සිගරට්ටුවක්) සඳහා අය කරන ලද බදු මුදල කොපමණද;
(v) බදු වැඩි කිරීමට පෙර එම එක් නිෂ්පාදනයක වෙළෙඳපොළ මිල කොපමණද;
(vi) බදු සංශෝධනයෙන් පසු එක් නිෂ්පාදනයක වෙළෙඳපොළ මිල කොපමණද;
(vii) දුම්වැටි නිෂ්පාදන මත බදු අය කිරීම මඟින් අපේක්ෂා කරන අරමුණ කවරේද;
(viii) රජයේ ආදායම වැඩි කර ගැනීමේ අරමුණින් දුම්වැටි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අවශ්ය පහසුකම් සැලසීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-20
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්යාංශය
මුදල්, ක්රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) • නිෂ්පාදන බද්ද - අවස්ථා හතරක් සංශෝධනය කර ඇත.
• එකතු කළ අගය මත බද්ද - එක්වරක් සංශෝධනය කර ඇත.
• සංස්ථාපිත ආදායම් බද්ද - එක්වරක් සංශෝධනය කර ඇත.
(ii)
|
දුම්වැටි මත බදු සංශෝධනය |
||
|
බලපැවැත්වෙන දිනය |
බදු වර්ගය |
වැඩිවීම/ සංශෝධනය |
|
2023 ජනවාර් 01 |
නිෂ්පාදන බද්ද |
සියයට 20 කින් වැඩි විය. |
|
2023 ජූලි 01 |
නිෂ්පාදන බද්ද |
සියයට 20කින් වැඩි විය. |
|
2024 ජනවාරි 01 |
නිෂ්පාදන බද්ද |
වාර්ෂික උද්ධමනය මත පදනම් වූ දර්ශකගත කිරීමේ යන්ත්රණය යටතේ සියයට 14කින් වැඩි විය. |
|
2024 ජනවාරි 01 |
එකතු කළ අගය මත බද්ද |
සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි විය. |
|
2025 ජනවාරි 11 |
නිෂ්පාදන බද්ද |
වාර්ෂික උද්ධමනය මත පදනම් වූ දර්ශකගත කිරීමේ යන්ත්රණය යටතේ සියයට 5.9කින් වැඩි විය. |
|
2025 අප්රේල් 01 |
සංස්ථාපිත ආදායම් බද්ද |
සියයට 40 සිට සියයට 45 දක්වා වැඩි විය. |
(iii) පසුගිය වසර තුන තුළ දුම්වැටි මඟින් උපයාගත් ආදායම පහත දැක්වේ.
දුම්වැටි මඟින් උපයාගත් බදු ආදායම (රු. මිලියන)
|
වර්ෂය |
වක්ර බදු |
ඍජු බදු |
|||
|
|
නිෂ්පාදන බද්ද |
එකතු කළ අගය මත බද්ද |
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද |
මුළු වක්ර බදු |
සංස්ථාපිත ආදායම් බදු* |
|
2023 |
117,467 |
16,680 |
756 |
134,903 |
13,971 |
|
2024 |
117,145 |
25,686 |
3,730 |
146,561 |
18,314 |
|
2025 |
101,173 |
30,669 |
3,705 |
135,547 |
19,969 |
*සංස්ථාපිත ආදායම් බදු ගණනය කිරීම් සඳහා අදාළ තක්සේරු වර්ෂ පදනම් කර ගෙන තිබේ: 2022/2023,2023/2024 සහ 2024/2025
(iv) 2025 ජනවාරි 11 වන දින සිට ක්රියාත්මක වන නවතම නිෂ්පාදන බදු සංශෝධනයෙන් පසු, සිගරැට්ටුවක් මත අය කෙරෙන සමස්ත බදු ප්රමාණය පහත දැක්වේ:
|
දිග කාණ්ඩය |
සිගරැට්ටුවක් සඳහා වන සමස්ත බද්ද (නිෂ්පාදන බද්ද, එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඇතුළුව) (රු.) |
|
මි.මී. 72 - මි.මී. 84 (ජේ පී ගෝල්ඩ් ලීෆ්) |
109.95 |
|
මි.මී. 67 - මි.මී. 72 (ජේ පී ගෝල්ඩ් ප්රෝ) |
95.88 |
|
මි.මී. 60 - මි.මී. 67 (ජේ පී ගෝල්ඩ්) |
69.15 |
|
මි.මී. 60 නොඉක්මවන (කැප්ස්ටන්) |
26.59 |
(v)
|
දිග කාණ්ඩය |
වෙළෙඳපොළ මිල (බදු සංශෝධනයට පෙර) (රු.) |
|
මි.මී. 72 - මි.මී. 84 (ජේ පී ගෝල්ඩ් ලීෆ්) |
150.00 |
|
මි.මී. 67 - මි.මී. 72 (ජේ පී ගෝල්ඩ් ප්රෝ) |
125.00 |
|
මි.මී. 60 - මි.මී. 67 (ජේ පී ගෝල්ඩ්) |
100.00 |
|
මි.මී. 60 නොඉක්මවන (කැප්ස්ටන්) |
35.00 |
(vi)
|
දිග කාණ්ඩය |
වෙළඳපොළ මිල (බදු සංශෝධනයෙන් පසු) (රු.) |
|
මි.මී. 72 - මි.මී. 84 (ජේ පී ගෝල්ඩ් ලීෆ්) |
160.00 |
|
මි.මී. 67 - මි.මී. 72 (ජේ පී ගෝල්ඩ් ප්රෝ) |
135.00 |
|
මි.මි. 60 - මි.මී. 67 (ජේ පී ගෝල්ඩ්) |
105.00 |
|
මි.මී. 60 නොඉක්මවන (කැප්ස්ටන්) |
40.00 |
(vii) දුම්වැටි මත බදු පැනවීමේ අරමුණු වන්නේ රජයේ ආදායම් උත්පාදනය කරන අතරම, දුම්කොළ පරිභෝජනයෙන් පැන නඟින සෞඛ්ය සේවා වියදම් සහ වෙනත් සමාජීය හා ආර්ථික පිරිවැය වැනි අහිතකර බාහිර බලපෑම්වල පිරිවැය අන්තර්ග්රහණය කර ගැනීමයි.
(viii) නැත. ඉහත (vii) යටතේ පැහැදිලි කර ඇති පරිදි, දුම්වැටි මත බදු පැනවීමේ මූලික අරමුණ වන්නේ දුම්කොළ පරිභෝජනයෙන් ඇතිවන අහිතකර බාහිර බලපෑම් අන්තර්ග්රහණය කර ගැනීමයි. ඒ අනුව, ඉහත (ii) යටතේ දක්වා ඇති පරිදි, 2023 වසරේ සිට රජය විසින් අවස්ථා කිහිපයකදීම දුම්වැටි මත පනවා ඇති බදු සංශෝධනය කර ඇත. මෙම බදු සංශෝධනවල ප්රතිඵලයක් ලෙස, සමස්ත දුම්වැටි නිෂ්පාදනය 2022 වසරේ දී බිලියන 2.8 සිට 2025 වසර වන විට බිලියන 1.9 දක්වා සියයට 32කින් පහත වැටී ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-08-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිශාන්ත ජයවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks