පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2023 වර්ෂයේ සිට මේ දක්වා දුම්වැටි සඳහා බදු සංශෝධනය කර ඇති වාර ගණන කොපමණද;
(ii) එම සංශෝධන කවරේද;
(iii) දුම්වැටි සඳහා අය කරන බදුවලින් වාර්ෂිකව රජයට ලැබෙන ආදායම කොපමණද;
(iv) අවසන් වරට සිදු කරන ලද බදු සංශෝධනයේදී දුම්වැටි කාණ්ඩයේ එක් නිෂ්පාදනයක් (සිගරට්ටුවක්) සඳහා අය කරන ලද බදු මුදල කොපමණද;
(v) බදු වැඩි කිරීමට පෙර එම එක් නිෂ්පාදනයක වෙළෙඳපොළ මිල කොපමණද;
(vi) බදු සංශෝධනයෙන් පසු එක් නිෂ්පාදනයක වෙළෙඳපොළ මිල කොපමණද;
(vii) දුම්වැටි නිෂ්පාදන මත බදු අය කිරීම මඟින් අපේක්ෂා කරන අරමුණ කවරේද;
(viii) රජයේ ආදායම වැඩි කර ගැනීමේ අරමුණින් දුම්වැටි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-20
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks