04

E   |     |  

 දිනය: 2025-07-24   පිළිතුර ලබා දී ඇත 

0652/2025: ගල්කිස්ස ප්‍රදේශයේ කෘත්‍රිම වෙරළ තීරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය: විස්තර

----

අසන ලද දිනය

2025-07-24

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2020 අප්‍රේල් 16 දින.

              (ii)      ශ්‍රී ලංකාවේ වෙරළ ඛාදනය දශක ගණනාවක සිට වර්තමානය දක්වා ගැටලුවක්ව පවතී. එය ස්වාභාවිකව මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් මඟින් ද සිදු වේ. ශ්‍රී ලංකාවේ දූපත්මය පිහිටීම අනුව වෙරළ ඛාදනයේ ප්‍රවණතාව දකුණු, නිරිතදිග හා බටහිර, වයඹ වෙරළ තීරයන් ප්‍රධාන තැනක් ගනී. 2018 වර්ෂයේ වෙරළ කලාප කළමනාකරණ සැලැස්මෙහි ඉහළ වෙරළ ඛාදන ප්‍රවණතාවක් ඇති වෙරළ තීරයන් ලෙස රත්මලාන වෙඩිකන්ද, දෙහිවල ගල්කිස්ස මෙන්ම කළුතර වෙරළ තීරය ද හඳුනා ගෙන ඇත. විශේෂයෙන්ම බස්නාහිර පළාතට අදාළව. තවද, 2017 වර්ෂයේ කළු ගඟ ගංවතුර පාලනය සඳහා කැලිඩෝ වෙරළ තීරයේ වූ ස්වාභාවික වැලි වැටිය විවර කිරීම හේතුවෙන් එම වැලි වැටිය විනාශ වීම හා කළු ගං මෝයට උතුරු වෙරළ තීරය ඛාදනය උග්‍රවීම නිසා දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් විසඳුම් යම් ප්‍රමාණයකට සාර්ථක වූවත් ඛාදන ප්‍රවණතාව උතුරු වෙරළ තීරයට පැතිර යාම සිදු විය. එබැවින් එම ඛාදන ප්‍රවණතාව අඩු කිරීම, අඟුලාන ගල්කිස්ස වෙරළ තීරයන් ද ඉතා අධික ජනගහනයක් වෙසෙන ප්‍රදේශ වීම හා ධීවර හා සංචාරක කටයුතු බහුල වීම යනාදී හේතූන් මත වඩාත් සුදුසු වෙරළ ඛාදන පිළියම වශයෙන් කෘත්‍රිමව වැලි පෝෂණය කර මෙම වෙරළ තීරයන් ස්ථායී කිරීම අරමුණ විය.

(iii) රුපියල් මිලියන 180කි.

(iv) ව්‍යාපෘතිය අවසන් කර ඇත.

(v) අදාළ නොවේ.

 

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඇන්ටන් ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks