01

E   |     |  

 දිනය: 2025-04-25   පිළිතුර ලබා දී ඇත 

0649/2025: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අසාද් මවුලානා කළ ප්‍රකාශය: විස්තර

649/2025

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

 (අ)        (i)      ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අසාද් මවුලානා යන අය විසින් චැනල් 4 නාලිකාවට ප්‍රකාශයක් කරන ලද දිනය කවරේද;

             (ii)      එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජයේ විශාල කතිකාවක් නිර්මාණය වූ බව දන්නේද;

(iii) අසාද් මවුලානා යන අය ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන, ඒ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-04-25

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      2023.09.06     

                        (චැනල් 4 නාළිකාවේ විකාශනය වූ දිනය)

              (ii)      ඔව්.

                        ඒ සම්බන්ධයෙන් අංක 281, ඩීන්ස් පාර, කොළඹ 10 ලිපිනයේ සමාජීය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ගරු රොහාන් සිල්වා පියතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කොටුව ‍මහෙස්ත්‍රාත් නඩු අංක බී 35802/2024 යටතේ කරුණු වාර්තා කරමින් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇත.

(iii) එම කටයුතු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ක්‍රියාත්මකව පවතින අතර එම ක්‍රියාවලියට බාධා සිදුවිය හැකි බැවින් මෙම අවස්ථාවේදී ඒ පිළිබඳව කරුණු අනාවරණය කළ නොහැක.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-06-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks