පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-06-11
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඩිපෝ 108ක් තිබෙනවා, ගරු මන්ත්‍රීතුමා. උප ඩිපෝ 10ක් තිබෙනවා. එම නම් පහත ඇමුණුමෙහි දක්වා තිබෙනවා.
(ii) ඔව්.
(iii) 2026.01.30 දිනට සේවක සංඛ්‍යා විස්තර අනුව රියදුරු - 1,034ක්, කොන්දොස්තර - 1,022ක්, කාර්මික - 429ක් හා වැඩ මූලික 59ක් වශයෙන් පුරප්පාඩු පවතී.
අද වන විට, එනම් 2026.06.10 වන විට රියදුරු - 647 ක් ද, කොන්දොස්තර - 770ක් ද, කාර්මික - 429ක් ද, වැඩ මූලික 59ක් ද වශයෙන් පුරප්පාඩු පවතී.
(iv) ප්‍රාථමික ගණයේ නොවන කාර්ය මණ්ඩල ගණවල දැනට පවතින පුරප්පාඩු සඳහා තාවකාලිකව කාර්යයන් ආවරණය කිරීමේ පදනම මත කාර්ය පැවරුම් ලබාදීම සිදු කරනු ලැබේ. ප්‍රාථමික ගණයේ රියදුරු/කොන්දොස්තර හා කාර්මික තනතුරුවලට බඳවා ගැනීම සඳහා රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ හා කාර්ය මණ්ඩලය කළමනාකරණ කිරීමේ කමිටුව මඟින් රියදුරු මහතුන් 450ක් ද, කොන්දොස්තර මහතුන් 300ක් ද, කාර්මික තනතුරු 429ක් ද, වැඩ මූලික තනතුරු සඳහා 17ක් ද බඳවා ගැනීම් සඳහා අනුමැතිය ලබා දුන් අතර, 2026.06.03 දිනට රියදුරු මහතුන් 387ක්ද, කොන්දොස්තර මහතුන් 229ක් ද, කාන්තා කොන්දොස්තර 23දෙනෙක් ද කොන්ත්‍රාත් පදනම මත බඳවා ගෙන ඇත.
කාර්මික හා වැඩමූලික තනතුරුවල පවතින පුරප්පාඩුවලට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරික්ෂණ මේ දිනවල ශ්‍රීලංගම ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වේ.
වැඩමූලික තනතුරවල පවතින පුරප්පාඩුවලට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ මේ දිනවල ශ්‍රීලංගම ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වෙන අතර, සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු එහි ඉදිරි කටයුතු සිදු කරනු ලැබේ.
ශ්‍රීලංගම ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය යටතේ කාර්ය මණ්ඩලයට අයත් සේවකයින් නව වැටුප් ව්‍යුහයට අන්තර්ග්‍රහණය කිරීමේ ක්‍රියාවලියට අදාළ සම්මුඛ පරීක්ෂණ මේ වන විට සම්පූර්ණයෙන් පවත්වා ඇති අතර, එහි නිර්දේශ 2026.05.22 වන දින කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට යොමු කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට යොමු කර ඇත.
එකී නිර්දේශ සම්බන්ධයෙන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් සලකා බලා අවසානයේ අනුමත කරනු ලබන සේවා ගණවල අදාළ සේවකයන් එක් එක් තනතුරු සඳහා අන්තර්ග්‍රහණය කිරීම හා උත්ශ්‍රේණිගත කිරීමට බලාපොරොත්තු වේ.
තවද, අන්තර්ග්‍රහණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක එස්.සී.එෆ්.ආර්. 239/19 දරන නඩුව විභාග වෙමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-06-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks