පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
643/2025
ගරු කිංස් නෙල්සන් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මෙවර මහවැලි ‘H’ කලාපයේ උඳු වගා කර ඇති භූමි ප්‍රමාණය කොපමණද;
(ii) එසේ උඳු වගා කර ඇති ගොවීන් සංඛ්‍යාව කොපමණද;
(iii) එම ගොවීන්ට තම නිෂ්පාදන සාධාරණ මිලකට අලෙවි කර ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව දන්නේද;
(iv) එසේ නම්, එම ගැටලුව විසඳීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-05-20
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මහවැලි "එච්" කලාපයේ උඳු වගා කර ඇති භූමි ප්‍රමාණය 2025/26 මහ කන්නයේ හෙක්ටෙයාර 11.53ක් වන අතර, 2026 යල කන්නය සඳහා වගාව තවමත් ආරම්භ කර නොමැත.
(ii) "එච්" කලාපයේ උඳු වගා කරන ලද ගොවීන් ප්‍රමාණය (2025/26 මහ කන්නය සඳහා) 48කි.
(iii) 2025/26 මහ කන්නයේදී මෙවැනි ප්‍රශ්නයක් පැන නැඟී නොමැත.
(iv) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.
(ආ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-05-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks