E   |     |  

 දිනය: 2026-05-05   පිළිතුර ලබා දී ඇත 

0642/2026: 2025.02.09 දින රට පුරා විදුලි බලය ඇනහි‍ටීම විමර්ශනය කරන ලද කමිටු: අනාවරණ වූ කරුණු

642/2025

ගරු කිංස් නෙල්සන් මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       2025.02.09 දින මුළු ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි විදුලිය ඇන හිටීමක් සිදුවූ බව දන්නේද;

             (ii)       ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශයෙන් සහ ලංකා විදුලිබල මණ්ඩලයෙන් පත් කරන ලද කමිටු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම එක් එක් කමිටුවේ සාමාජිකයන්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) එම කමිටු වාර්තා මඟින් අනාවරණයවූ කරුණු කවරේද;

(v) එම විදුලිය ඇන හිටීමට සෘජුව වගකිව යුතු නිලධාරින්ගේ නම් හා තනතුරු නාම කවරේද;

(vi) ඉහත කමිටු වාර්තා මඟින් අනාවරණයවූ කරුණු සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-05-05

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      බලශක්ති අමාත්‍යාංශය විසින් එක් කමිටුවක් ද, එවකට පැවැති ලංකා විදුලිබල මණ්ඩලය විසින් එක් කමිටුවක් වශයෙන් කමිටු 02ක් පත් කර තිබේ.

             (iii)      බලශක්ති අමාත්‍යාංශය පත් කළ කමිටුවේ සාමාජිකයන්:

  •     මහාචාර්ය ලිලන්ත සමරනායක - සභාපති - විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අධ්‍යනාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
  • ඉංජිනේරු නාලක විජේකෝන්, අතිරේක සාමාන්‍යාධිකාරි (ජනන) - ලංකා විදුලිබල මණ්ඩලය
  • ඉංජිනේරු බුද්ධික සමරසේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය) - ලංකා විදුලිබල මණ්ඩලය
  • ඉංජිනේරු රුවන් වීරතුංග, ප්‍රධාන ඉංජිනේරු (පද්ධති මෙහෙයුම්) - ලංකා විදුලිබල මණ්ඩලය
  • · ඉංජිනේරු දුලාන් ලක්ෂිත (ව්‍යාපෘති කළමනාකරු) -ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය

 ලංකා විදුලිබල මණ්ඩලය පත් කළ කමිටුවේ සාමාජිකයන්:

  • · ඉංජිනේරු එස්. අලගොඩ, අතිරේක සාමාන්‍යාධිකාරි (බෙදාහැරීම් කලාප 1) - සභාපති
  • ඉංජිනේරු ඩී.එස්.ආර්. අලහකෝන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ආයතනික සබඳතා)
  • · ඉංජිනේරු ඒ.ජේ.ඉසෙඩ්.වික්‍රමරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම් හා නඩත්තු-උතුර)
  • ඉංජිනේරු ආචාර්ය එච්.එම්. විජේකෝන් බණ්ඩා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සම්ප්‍රේෂණ හා ජනන සැලසුම්)
  • · ඉංජිනේරු පී.පී.සී. දිසානායක, ප්‍රධාන ඉංජිනේරු (වත්කම් කළමනාකරණ තාප විදුලි)
  • ඉංජිනේරු එස්.ඒ.පී.සී. සිරිවර්ධන, ප්‍රධාන ඉංජිනේරු (මෙහෙයුම්, කොළඹ නගරය)
  • · ඉංජිනේරු ඒ.යූ.එස්. රණතුංග, ප්‍රධාන ඉංජිනේරු (සම්ප්‍රේෂණ ග්‍රිඩ් සැලසුම්)
  • ඉංජිනේරු ජී.ආර්.එච්.යූ. සෝමප්‍රිය, ප්‍රධාන ඉංජිනේරු (ආරක්ෂණ සංවර්ධන)

(iv) බලශක්ති අමාත්‍යාංශයෙන් පත් කළ කමිටුව මඟින් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. එම සම්පූර්ණ වාර්තාව ඇමුණුම 01 හැටියට මම ඉදිරිපත් කරනවා. මම එහි සාරාංශයක් ඉදිරිපත් කරන්නම්. එහි පහත සඳහන් නිර්දේශ දක්වා තිබෙනවා.

i. පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සහ පද්ධති ස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින් වර්තමාන භ්‍රමණ සංචිත - spinning reserves -මාර්ගෝපදේශය/නිර්ණායකය සමාලෝචනය කිරීම.

ii. වර්තමාන සන්දර්භය තුළ පෝෂකවලට එකතු කරන ලද කාවැද්දූ උත්පාදනය සලකා බැලීමෙන්, දැනට පවතින සියලු සංඛ්‍යාත බර අඩු කිරීමේ - UFLS - නිර්ණායක සම්පූර්ණයෙන්ම           සමාලෝචනය කළ යුතුය.

iii.  හැකි සෑම තැනකම සමමුහුර්ත කන්ඩෙන්සර් - synchronous condenser - ආකාරයෙන් ජල හා තාප බලාගාර ක්‍රියාත්මක කිරීම.

iv.   බලශක්ති ගබඩා පද්ධති ක්‍රියාත්මක කිරීම.

 v.   කොළඹ නගරය තුළ විදුලිය විසන්ධි කිරීමේ ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රමයක් - blackout restoration scheme - වහාම ක්‍රියාත්මක කිරීම.

vi. ලක්විජය බලාගාරය තුළ ආරක්ෂිතව ක්‍රියාවිරහිත කිරීමේ ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කිරීම.

vii. පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා         සියලු බල ප්‍රභව කළමනාකරණය කිරීම.

viii.  ස්මාට් මීටර සඳහා අතිරේක ක්‍රියාකාරීත්වයක් හඳුන්වා දීම.

ix.   බැටරි බලශක්ති ගබඩා පද්ධති සමඟින් ගෘහස්ථ වහල මත සූර්ය බලශක්ති ස්ථාපනය ප්‍රවර්ධනය කිරීම.

x.  ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල කර්මාන්ත සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශ සඳහා තීරුබදු දිරිගැන්වීම් - tariff incentives - ආරම්භ කිරීම.

xi.   තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය අනුගමනය කිරීමෙන් බැටරි බලශක්ති ගබඩා පද්ධති ක්‍රියාත්මක කිරීම.

xii.  සම්පත් පුරෝකථන පද්ධතියක් සහිත පුනර්ජනනීය බලශක්ති Desks ස්ථාපිත කිරීම.

ලංකා විදුලිබල මණ්ඩලය පත් කළ කමිටුව

කමිටු වාර්තාවේ පරිච්ඡේද 3, 4, 5, 6 හා 7 යටතේ කමිටුව මඟින් අනාවරණ කර ගත් කරුණු සවිස්තරාත්මකව සඳහන් කර ඇත. වාර්තාවේ ඉහත පරිච්ඡේද ඇමුණුම 02 ලෙස දක්වා ඇත.

ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි.

(v)   ඉහත කමිටු වාර්තා දෙකෙහිම   ඍජු වග කිවයුතු නිලධාරින් සම්බන්ධයෙන් සඳහන් වී නොමැත.

(vi)  බලශක්ති අමාත්‍යාංශය පත් කළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත දන්වා ඇති අතර, ඒ සඳහා 4දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කොට ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය පත් කළ කමිටුවේ නිර්දේශ

ඉහත කමිටු වාර්තාවේ නිර්දේශ 24ක් පමණ සඳහන් වන අතර, ඒවායෙන් පහත නිර්දේශ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

  • ආරක්ෂණ පරාමිතීන් - protection settings - යාවත්කාලීන කර ප්‍රකාශයට පත් කරන ලදී.
  • පද්ධති පාලන මධ්‍යස්ථානය මඟින් පුනර්ජනනීය බලාගාර නිරීක්ෂණය හා පාලනය සඳහා වන RE Desk පද්ධතිය ප්‍රසම්පාදන අදියරේ පවතී.
  • පද්ධති පාලන මධ්‍යස්ථානය මඟින් පුනර්ජනනීය විදුලි උත්පාදනය පුරෝකථනය කිරීමේ මෘදුකාංග පද්ධතිය මේ වන විට මිලදී අරගෙන  ක්‍රියාත්මක කර ඇත.
  • බැටරි බලශක්ති ගබඩා පද්ධති - BESS - ලබා ගැනීමේ ක්‍රියාවලිය සිදු වෙමින් පවතී.
  • නව හබරණ ග්‍රිඩ් උපපොළේ synchronous condenser යෙදවීම සඳහා ලෝක බැංකුව විසින් අරමුදල් සැපයීම තහවුරු කරන ලදී. ඒ කටයුතු කරගෙන යෑම සඳහා කටයුතු ආරම්භ කර තිබෙනවා.
  • සම්ප්‍රේෂණ පද්ධතිය වැඩිදියුණු කිරීමට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතී.
  • විදුලි ඉල්ලුම අඩු ඉරිදා සහ නිවාඩු දින සඳහා පද්ධති පාලන මධ්‍යස්ථානය මඟින් විශේෂ මෙහෙයුම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම.
  • හඳුනා ගත් සම්ප්‍රදායික ජනන යන්ත්‍ර පද්ධති අවස්ථිතිය - system inertia - වැඩි කිරීම සඳහා synchronous modeහි ක්‍රියාත්මක වේ.
  • සොබාදනවි බලාගාරය යොදාගෙන කොළඹ නගරයේ විදුලි ප්‍රතිස්ථාපනය අත්හදා බලන ලදී.
  • අතිරේක පද්ධති පාලන මධ්‍යස්ථානය - Backup System Control Centre - ඇති කිරීමේ මූලික කටයුතු ආරම්භ කර ඇත.

කමිටු වාර්තාවේ ඉතිරි නි‍ර්දේශද ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-05-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks