01

E   |     |  

 දිනය: 2026-04-10   පිළිතුර ලබා දී ඇත 

0641/2026: හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහල් සැපයුම් සංකීර්ණ: වත්මන් තත්ත්වය

.

අසන ලද දිනය

2026-04-10

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්

              (ii)       හිඟුරක්ගොඩ - 2019

                        පන්නෙගමුව - 2018

             (iii)       කාලයක සිට සහල් නිෂ්පාදන ක්‍රියාවලියෙන් බැහැරව පැවතීම හේතුවෙන් යන්ත්‍ර සූත්‍ර දිරාපත්ව සහ ගොඩනැඟිල්ල අබලන් තත්ත්වයට පත් වීම.

              (iv)      වසර 18කට ආසන්න කාලයක් ඌන උපයෝජිතව පැවති පැයකට කිලෝග්‍රෑම් 2,000ක් බැගින් සැකසීමේ ධාරිතාවක් සහිත සංස්ථාව සතු හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහල් සැකසීමේ සංකීර්ණ දෙක 2024 අගෝස්තු 20 දින වනවිටත් නිෂ්කාර්යව පැවතීම.

(v) ඔව්.

මෙම සංකීර්ණ නැවත ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටී. විශේෂයෙන්ම අක්කර 9ක වපසරයකින් යුක්ත වන මෙම වත්කම් ප්‍රශස්ත ආකාරයෙන් භාවිතය සඳහා යොදා ගත හැකි ආකාරය පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක නිරත වීමෙන් අනතුරුව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව හරහා මෙම වත්කම් උපයෝජනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-04-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්.එම්. ජයවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks