පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-03-20
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2024 වර්ෂයේදී වැටලීම් 4,266ක් ද, 2025 වර්ෂයේදී වැටලීම් 4,850ක් ද සහ 2026 වර්ෂයේ පෙබරවාරි දක්වා වැටලීම් 359ක් ද වශයෙන් සිදු කර ඇත. මුළු වැටලීම් සංඛ්‍යාව 9,475කි.
(ii) 2024 වර්ෂයේදී රුපියල් මිලියන 75.4ක් ද, 2025 වර්ෂයේදී රුපියල් මිලියන 148.6ක් ද සහ 2026 වර්ෂයේ පෙබරවාරි දක්වා රුපියල් මිලියන 20.8ක් ද වශයෙන් දඩ මුදල් අයකර ගෙන ඇත. ඒ අනුව සමස්ත දඩ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 244.8කි.
(iii) වැටලීම් වැඩි කිරීමට ගන්නා ක්‍රියාමාර්ග සහ වත්මන් තත්ත්වය:
දිවයින පුරා සහල් සම්බන්ධ වැටලීම් සහ පරීක්ෂණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. එමෙන්ම මෙම වර්ෂය තුළ විමර්ශන නිලධාරින් 120ක් බඳවා ගැනීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන ඇති අතර එම නිලධාරින් කඩිනමින් බඳවා ගෙන විමර්ශන හා වැටලීම් ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-03-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks