පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-08-06
අසන ලද්දේ
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ආනයනික බහලුම් නිදහස් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ඇති වූ තදබදයට පිළියම් නිර්දේශ කිරීම සඳහා නොව, පරිගණක පද්ධතිය මඟින් ස්වයංක්‍රියව භෞතික පරීක්ෂාව සඳහා තේරුණු, එහෙත් භෞතික පරීක්ෂාවෙන් බැහැරව වෙනත් නිර්ණායක මත නිදහස් කිරීමට හැකි, අවදානම අවම වූ බහලුම් තෝරා ඒවා නිදහස් කිරීම සලකා බැලීම සඳහා කමිටුවක්, - Steering Committee- පත් කිරීමට ශ්‍රී ලංකා රේගුව 2024.07.23වන දින කටයුතු කළ බව දනිමි.
(ii) මූලිකවම අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් (ආදායම් හා සේවා) එස්.පී. අරුක්ගොඩ මහතාගේ අධීක්ෂණය යටතේ එල්.කේ.එච්.ඩී.කේ. ආරේවත්ත මහතා (ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ), ජී.එම්.බී. ගජනායක මහතා (ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ) සහ එස්.ඒ.ටී.බී. සුරවීර මහතා (රේගු අධ්‍යක්ෂ) යන නිලධාරීන් මෙම කමිටුවට පත් කළ අතර, ජී.එම්.බී. ගජනායක මහතා විශ්‍රාම යෑම මත එම්.කේ.එස්.පී. ජයවර්ධන මහතා (ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ) පසුව පත් කර ඇත.
(iii) 2024.07.23වන දින පත් කරන ලද කමිටුව, බහලුම් තදබදය කළමනාකරණය කරගත නොහැකි අවස්ථාවලදී අවශ්‍යතාව පරිදි විටින් විට රැස් වූ අතර, 2025.01.18 දින දක්වා කාලය තුළ එවැනි අවස්ථා 14කදී රැස් වී ඔවුනට ලබා දුන් නිර්ණායකවලට අනුකූලව අවදානම අවම බවට තෝරා ගත් ආනයන බහලුම් 2,527ක් නිදහස් කිරීමට කමිටුව තීරණය කර තිබෙනවා.
(iv) කමිටුව විසින් ඔවුන්ගේ විෂය පරිචය හා පළපුරුද්ද පදනම් කරගෙන ආනයන සටහන්කරය හා අදාළ ආනයන ලියවිලි පරීක්ෂා කර පහත කරුණු පිළිබඳව සෑහීමකට පත්වීමෙන් පසු බහලුම් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කරනවා. ඒ අනුව,
1. දිගු කාමරයේ - long room එකේ - ආනයන සටහන්කර සම්මත කිරීමේ ක්‍රියාවලිය අවසාන කර තිබීම
2. මිල පිරික්සුම් අංශය වෙත යොමු වී ඇති ආනයනවල ඒවායේ වටිනාකම තක්සේරු කිරීමේ ක්‍රියාවලිය අවසන් කර තිබීම
3. රේගුවේ නීති බලාත්මක කරන අංශ විසින් වැඩිදුර පරීක්ෂාව සඳහා තෝරා ගෙන නොමැති වීම
4. අදාළ බහලුම්වල නීති විරෝධී ද්‍රව්‍ය ඇති බවට බුද්ධි තොරතුරු ලැබී නොතිබීම
5. ගෙවිය යුතු සියලු බදු මුදල් ගෙවා තිබීම
කියන කාරණා සලකා බලනවා.
ඒ කාරණාවලටත් අමතරව නිදහස් කිරීමට බහලුම් තෝරා ගැනීම සඳහා පහත නිර්ණායක කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා.
I. ආනයන ලියවිලිවල අදාළ භාණ්ඩ, සාම්පල හෝ පිරිවිතර පරීක්ෂාවකින් තොරව නිශ්චිතව හඳුනා ගැනීමට අවශ්‍ය විස්තර සපයා තිබීම
II. ආනයනකරුවන් කිහිප දෙනෙකුට අයත් භාණ්ඩ එකට -එකම කන්ටේනරයේ- අසුරා නොතිබීම
III. ආනයන සටහන්කරයේ භාණ්ඩ වර්ග 7 ඉක්මවා නොතිබීම
IV. බහලුම් පරිලෝකන පද්ධතිය හරහා ස්කෑන් කිරීම
V. කමිටුවට සුදුසු යැයි හැඟෙන වෙනත් කරුණු ද සලකා බැලීම
(v) ශ්‍රී ලංකා රේගුව විසින් භෞතික පරීක්ෂා කිරීමකින් තොරව බහලුම් නිදහස් නොකරන අතර, පරීක්ෂා කිරීම සඳහා විවිධ ක්‍රමවේද අනුගමනය කරනු ලබනවා. එහිදී අවදානම තක්සේරු කිරීමෙන් අනතුරුව එය අවම වන ආකාරයට අදාළ නිදහස් කිරීම් සිදු කරනු ලබනවා.
(vi) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-08-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks