පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-04-25
අසන ලද්දේ
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2015 වසරේ සිට 2025.05.20 දින දක්වා ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී - දේශීය රැකියා නියෝජිතායතන, ස්වයං ලියාපදිංචිය හා දෙරට අතර ඇති කරගත් ගිවිසුම් අනුව - ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 16,232දෙනෙකු පිටත්ව ගොස් ඇත.
විස්තරාත්මකව එම සංඛ්‍යාව මෙසේය.
|
වර්ෂය |
2015 |
2016 |
2017 |
2018 |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
2024 |
2025 |
එකතුව |
|
විදේශ ගත වූ සංඛ්‍යාව |
1,595 |
1,766 |
1,880 |
1,661 |
1,531 |
769 |
1,257 |
1,601 |
1,528 |
1,994 |
650 |
16,232 |
(ii) 2022 වසර දක්වා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා කාර්යාංශයේ අනුමත බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මඟින් බඳවා ගැනීම් සිදු කරන ලදී.
ඊශ්‍රායල රජය සහ ශ්‍රී ලංකා රජය අතර 2020 පෙබරවාරි මස 24වන දින අත්සන් කරන ලද ගිවිසුම ප්‍රකාරව 2022 වසරේ සිට සාත්තු සේවක තනතුරු සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කිරීමට කටයුතු කර ඇත. සාත්තු සේවක තනතුරු සඳහා පුරුෂ පාර්ශ්වයට අයදුම් කිරීමේ අවස්ථාව ඊශ්‍රායල ජනගහන හා සංක්‍රමණ අධිකාරිය - PIBA - විසින් තාවකාලිකව නවතා තිබූ අතර, එම ආයතනය විසින් 2025.03.10 දිනැතිව යොමු කර ඇති විද්‍යුත් තැපැල් පණිවුඩය මඟින් නැවත පුරුෂ පාර්ශ්වයට සාත්තු සේවක රැකියා සඳහා අවස්ථාව ලබා දී ඇත.
පහත දක්වා ඇති සුදුසුකම සපුරා ඇති අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය - www.slbfe.lk - හරහා මාර්ගගත - online - ක්‍රම අනුව ඉල්ලුම්පත් කැඳවනු ලැබේ.
1. කාර්යාංශය හෝ PIBA විසින් නිර්දේශ කරන ලද තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව -TVEC- අනුමත කරන ලද ආයතනයකින් සාත්තු සේවක පුහුණු පාඨමාලාව හදාරා තිබීම සහ NVQ Level III සහතිකය ලබා තිබීම හෝ හෙද වෘත්තියේ මාස 11කට වැඩි සේවා පළපුරුද්දක් තිබීම.
2. වයස අවුරුදු 25-45 අතර විය යුතුය.
3. වසර 10ක පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කර තිබිය යුතුය.
4. අවම උස 1.5m හා බර 45kgට වැඩි විය යුතුය.
5. මින් පෙර ඊශ්‍රායලයේ සේවය කර නොතිබිය යුතුය.
6. පිළිගත් ආයතනයක ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක් හදාරා තිබිය යුතුය.
7. ඉල්ලුම්කරු විවාහක නම් ස්වාමිපුරුෂයා/බිරිඳ මින් පෙර ඊශ්‍රායලයේ රැකියාවක නිරතව හෝ පදිංචි වී නොසිටිය යුතු ය.
8. චෝදනාවකින් තොර පිරිසිදු පොලිස් වාර්තාවක් තිබිය යුතුය.
9. ශාරීරිකව හා මානසිකව නිරෝගී පුද්ගලයෙකු විය යුතුය.
එසේ ඉල්ලුම්පත් යොමු කරන ලද අයදුම්කරුවන් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය හෝ පළාත් කාර්යාල මඟින් මූලික සම්මුඛ පරීක්ෂණයකට ලක් කර ඔවුන්ගේ තොරතුරු ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණික අධිකාරිය - PIBA - වෙත යොමු කරනු ලැබේ. PIBA විසින් ලොතරැයි ක්‍රමය අනුව සාත්තු සේවකයන් තෝරාගනු ලැබේ. තෝරා ගන්නා ලද අයදුම්කරුවන්ගේ නාම ලේඛනය PIBA විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දැනුම් දුන් පසුව අදාළ පුද්ගලයන් කැඳවා ඉදිරි කටයුතු පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබේ. ලොතරැයි ක්‍රමයට තේරී ඇති අයදුම්කරුවන්ට වෛද්‍ය වාර්තා හා පොලිස් වාර්තා ලබා ගැනීමට අවශ්‍ය කාර්යාංශ ලිපි නිකුත් කරනු ලැබේ. අදාළ සියලු ලේඛන සම්පූර්ණ කළ පසුව වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් සහ පොලිස් නිෂ්කාසන වාර්තා -මෙරට- සහිත අයදුම්කරුවන්ගේ තොරතුරු PIBA වෙත යොමු කරනු ලැබේ. එම තොරතුරු PIBA විසින්, ඔවුන් විසින් පත් කර ඇති Safe Foundation ආයතනය වෙත ලබා දීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මෙහෙයවීමෙන් Safe Foundation ආයතනය විසින් පවත්වනු ලැබේ. සම්මුඛ පරීක්ෂණයට පෙර දැනුවත් කිරීමේ වැඩසටහන් Zoom තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබන අතර අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ වීඩියෝව එම අවස්ථාවේදීම PIBA වෙබ් අඩවිය වෙත යොමු කරනු ලැබේ. අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණයන්ගේ පටිගත වීඩියෝව පරීක්ෂා කිරීමෙන් අනතුරුව එරට සේවා යෝජකයන් විසින් තමාට අවශ්‍ය සාත්තු සේවකයා තෝරාගනු ලැබේ.
එසේ සේවා යෝජකයෙකු විසින් තෝරා ගතහොත් රැකියා අපේක්ෂකයෙකුහට සේවා ගිවිසුමක් ලැබේ.
(iii) ඊශ්‍රායල නිවාස පාදක සාත්තු සේවක තනතුර සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්ට දින 45ක නේවාසික පුහුණුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ලබා දෙනු ලැබේ.
මීට අමතරව PIBA විසින් නිර්දේශ කරන ලද තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව - TVEC - අනුමත කරන ලද ආයතන 16ක් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අනුමත කරන ලද විෂය නිර්දේශය හා කාලසටහන අනුව නිවාස පාදක සාත්තු සේවක පුහුණු පාඨමාලා පැවැත්වීමට කාර්යාංශය විසින් අනුමැතිය ලබා දී ඇත. අදාළ ආයතනවල තොරතුරු ඇමුණුමෙහි සඳහන්ව තිබෙනවා. ගරු කථානායකතුමනි, එම ඇමුණුම මම සභාගත* කරනවා.
(iv) ● සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්හට online ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව සලසා දීම.
ලොතරැයි ක්‍රමයට තේරී ඇති අයදුම්කරුවන්ට වෛද්‍ය වාර්තා හා පොලිස් වාර්තා ලබා ගැනීමට අවශ්‍ය කාර්යාංශ ලිපි නිකුත් කරනු ලැබේ. අදාළ සියලු ලේඛන සම්පූර්ණ කළ පසු වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් සහ පොලිස් නිෂ්කාසන වාර්තා -මෙරට- සහිත අයදුම්කරුවන්ගේ තොරතුරු PIBA වෙත යොමු කරනු ලැබේ. එම තොරතුරු PIBA විසින් Safe Foundation ආයතනය වෙත ලබා දීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මෙහෙයවීමෙන් Safe Foundation ආයතනය විසින් පවත්වනු ලැබේ. මේ අනුව මෙම ශ්‍රමිකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඊශ්‍රායලයේ PIBAහි පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-06-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) රුවන් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks