පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
633/2025
ගරු මුජිබුර් රහුමාන් මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) වර්ෂ 2015 සිට 2019 දක්වා කාල පරිච්ඡේදයේදී සිදුවී ඇති වංචා, දුෂණ සහ ඝාතන සම්බන්ධයෙන් දේශපාලකයන්ට සහ රාජ්‍ය නිලධාරින්ට එරෙහිව වර්ෂ 2020 සිට 2024 දක්වා කාලය තුළ නීතිපති දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩු සංඛ්‍යාව කොපමණද;
(ii) ඒ අතරින් මේ වනවිට නඩු කටයුතු අවසන්වී ඇති නඩු සංඛ්‍යාව කොපමණද;
(iii) එම නඩු කවරේද;
(iv) ඉහත (i)හි සඳහන් නඩු අතරින් නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කරගෙන ඇති නඩු සංඛ්‍යාව කොපමණද;
(v) එම නඩු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-18
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) දත්ත නොමැති බැවින් (i) සිට (v) දක්වා ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය නොහැකියි.
(ආ) මේ යටතේ එතුමා අහන්නේ වංචා, දූෂණ සහ ඝාතන යන වර්ගීකරණය යටතේ දේශපාලකයන්ට සහ රාජ්‍ය නිලධාරින්ට පවරපු නඩු ගැනයි. නමුත්, නීතිපති දෙපාර්තමේන්තුව ගොනු තබා ගැනීමේදී පුද්ගලයින්ගේ සමාජ තත්ත්වය, වෘත්තිය හෝ තරාතිරම ඇතුළත් කර ලේඛන පවත්වා ගෙන යන්නේ නැහැ. ඒවා තිබෙන්නේ coded ලෙසයි. එනම්, ප්‍රදේශ අනුව, වර්ගය අනුව වෙන්න පුළුවන්. සමහර විට 'ළමා අපචාර' ආදි නම් යොදා ගන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගරු මන්ත්‍රීතුමා අහලා තිබෙන ප්‍රශ්නයට උත්තර දෙන්න, ඒ ආකාරයට දත්ත ගබඩා කරලාත් නැහැ. මොකද, ඒක කරන එක වැරැදි නිසා එසේ කරලා නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නවලට උත්තර දිය නොහැකියි.
පිළිතුරු දුන් දිනය
2025-08-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks