පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-04-25
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) මෙවැනි ස්ථාන 4ක් වාර්තා වෙලා තිබෙනවා. ඒවා මෙසේයි.
1. පොතුවිල් කොට්ඨාසය
2. වැලිගම කොට්ඨාසය
3. තිඹිරිගස්යාය කොට්ඨාසය
4. ඇල්ල කොට්ඨාසය
(iii) මේ මධ්‍යස්ථාන 4න් 2කට නීත්‍යනුකූල අවසරය ලබාගෙන තිබෙනවා. දෙකක් ලියාපදිංචි වෙලා නැහැ. පොතුවිල් කොට්ඨාසයේ මධ්‍යස්ථානයත්, තිඹිරිගස්යාය කොට්ඨාසයේ මධ්‍යස්ථානයත් ලියාපදිංචි කරලා නැහැ. වැලිගම සහ ඇල්ල කියන ප්‍රදේශ දෙකේ තිබෙන මධ්‍යස්ථාන ලියාපදිංචි කරලා තිබෙනවා.
(ආ) පොතුවිල් කොට්ඨාසයේ මධ්‍යස්ථානය ලියා පදිංචි නොකිරීම සම්බන්ධ හේතුවක් නොදනී. ග්‍රාම නිලධාරි අදාළ ස්ථානයේ ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කරන විට එහි අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා ඒ සම්බන්ධව දන්නා කිසිවෙකුත් රැඳී නොසිටි බැවින් මහජනයාගෙන් තොරතුරු ලබාගෙන ඇත. ඔවුන් දැනුම් දී ඇත්තේ මේක පෞද්ගලික ඉඩමක් බවත්, එය ලියාපදිංචි කර නොමැති බවත්ය. තවද සංචාරක සමයේදී ඊශ්‍රායල ජාතිකයක් බොහෝ සෙයින් අදාළ ස්ථානයට පැමිණෙන බවත් ඔවුන් මෙහි ආගම ඉගැන්වීම ආදි කටයුතුවල නියැළෙමින් ආගමික කටයුතු සිදු කරන ලද බවත් මේ වන විට ඔවුන් ශ්‍රී ලංකාවෙන් බැහැරව ඇති බවත් දැනුම් දුන්නා කියලා ග්‍රාම නිලධාරි වාර්තාවේ තිබෙනවා.
මේ පොතුවිල් සම්බන්ධව.
තිඹිරිගස්යාය කොට්ඨාසයේ මධ්‍යස්ථානය රජය පිළිගත් ආගමික ස්ථානයක් හෝ ආයතනයක් ලෙස ලියාපදිංචි කර ඇති බව වාර්තා නොවේ. ගරු කථානායකතුමනි, පූජා කටයුතු වෙනුවෙන් යැයි අරමුණකොටගෙන ඊශ්‍රායල් ජාතිකයන් හතර දෙනෙකු නේවාසිකව සිටි අතර, පිටස්තරව වෙසෙන ඊශ්‍රායල ජාතිකයන් මේ ආගමික කටයුතුවලට සම්බන්ධ වෙන බවත් දැනගන්නට ලැබිලා තිබෙනවා.
ලියාපදිංචි කරලා තිබෙන ආයතන දෙක වන වැලිගම සහ ඇල්ල සමාගම් රෙජිස්ට්‍රාල් කාර්යාලයේ තමයි ලියා පදිංචි කරලා තිබෙන්නේ, ගරු කථානායකතුමනි. ලියාපදිංචි කළ දිනය තමයි 2022.04.21.
පිළිතුරු දුන් දිනය
2025-06-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks