පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
630/2025
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) පසුගිය රජය විසින් ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම නවත්වන ලද දිනය කවරේද;
(ii) එම දිනයෙන් පසු රජයේ සේවකයන් සඳහා ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව කොපමණද;
(iii) ඒ සඳහා වැය කර ඇති මුදල කොපමණද;
(iv) එම ආනයනය කරන ලද වාහන අතරින් මේ වනවිට රජයේ සේවකයන්ට ලබා දී ඇති වාහන සංඛ්‍යාව කොපමණද;
(v) එම වාහන ලබා දුන් එක් එක් පුද්ගලයාගේ නම, සේවය කරනු ලබන/ලැබූ ආයතනය සහ තනතුර වෙන් වෙන් වශයෙන් කවරේද;
(vi) ආනයනය කරන ලද වාහන අතරින් මේ වනතෙක් රජයේ සේවකයන්ට ලබා දී නොමැති වාහන සංඛ්‍යාව කොපමණද;
(vii) එම වාහන ලබා නොදීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-07-23
අසන ලද්දේ
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2020 මැයි 22.
(ii) එදිනෙන් පසුව රාජ්‍ය සේවකයන් සඳහා වාහන ආනයනය කර නොමැත.
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ.
(v) අදාළ නොවේ.
(vi) අදාළ නොවේ.
(vii) අදාළ නොවේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks