E   |     |  

 දිනය: 2026-03-06   පිළිතුර ලබා දී ඇත 

0629/2026: පොළොන්නරුව, පලුගස්දමන මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරය: වත්මන් තත්ත්වය

.

අසන ලද දිනය

2026-03-06

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)      (i)         ඔව්.

පොළොන්නරුව අධ්‍යාපන කොට්ඨාසය තුළ මෙම  විද්‍යාලය පිහිටා ඇත.

(ii)         2017.04.05 දින ව්‍යාපෘතිය සඳහා මුල් ගල තබා වැඩ  ආරම්භ කර ඇත.

(iii)        මේ සඳහා රුපියල් මිලියන 100 (වැට් රහිත) අත්තිකාරම් මුදලක් ගෙවා ඇත. ඉන් රුපියල් මිලියන 92ක කළ වැඩ සඳහා බිල්පත් ඉදිරිපත් කර ඇත.

(iv)        ඔව්.

මෙම ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන 542ක් පමණ වන අතර, පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන මඟින් 2017 වර්ෂයේ රුපියල් මිලියන 120ක්ද 2018 වර්ෂයේදී රුපියල් මිලියන 5ක් ලෙසද මුදල් වෙන්කර තිබූ අතර, එම මුදලින් වැඩ ආරම්භ කර තිබුණි. ඉන්පසු 2018 වර්ෂයේදී උතුරු මැද පළාත් සභාව විසුරුවා හැරීමත් ඉන් අනතුරුව රට පුරා ඇති වූ කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් මම ව්‍යාපෘතිය සඳහා මුදල් වෙන්කර ගැනීමේ දුෂ්කරතාවන් නිසා ව්‍යාපෘතියේ වැඩකටයුතු ඇණහිට ඇත.

(v) මෙම ව්‍යාපෘතිය ඇණහිටීම හේතුවෙන් ඒ සඳහා අවධානය යොමුකොට ඇති උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරතුමා විසින් මෙවැනි රංග ශාලාවක් මෙම පාසලට අවශ්‍ය වන්නේද යන්න ගැටලු සහගත මෙන්ම ඒ සඳහා ප්‍රතිපාදන සලසා ගැනීම ද ගැටලුවක් වී ඇති හෙයින් ව්‍යාපෘතියේ මෙතෙක් ඉටු කර ඇති වැඩ කොටස්වලින් ඵලදායී කටයුත්තක් සඳහා භාවිතයට ගත හැකි වන ලෙස අවශ්‍යසැලසුම් සකස් කිරීමට උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් වෙත උපදෙස් ලබා දී ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks