බලන්න

E   |     |  

 දිනය: 2026-02-19   පිළිතුර ලබා දී ඇත 

0628/2026: කදුරුවෙල නගරයේ වෙ‍ළෙඳ සංකීර්ණය: වර්තමාන තත්ත්වය

628/2025

ගරු කිංස් නෙල්සන් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      කදුරුවෙල නගරයේ අත්හැර දමන ලද වෙ‍ළෙඳ සංකීර්ණයක් තිබෙන බව  දන්නේද;

            (ii)      එම වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල කොපමණද;

(iii) එම වෙළෙඳ සංකීර්ණය නැවත භාවිතයට ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-02-19

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මෙය අත්හැර දමන ලද වෙළඳ සංකීර්ණයක් නොව මෙතෙක් ඉදිකිරීම් අවසන් නොවූ වෙළඳ සංකීර්ණයකි.

              (ii)      වෙළඳ සංකීර්ණය ඉදිකිරීම සඳහා මේ වනවිට වැය වී ඇති මුදල රුපියල් 70,470,668.21කි.

             (iii)      පොළොන්නරුව මහ නගර සභාවේ නව මහා සභාව පත්වීමත් සමඟ මේ පිළිබඳව අවධානය යොමුකර එහි ඉදිකිරීම් නිම කිරීම සඳහා 2026 වසරේ වාර්ෂික අයවැය ප්‍රතිපාදන තුළින් රුපියල් මිලියන 30ක් ලබා දීම අනුමත කර ඇති අතර, එමඟින් ඉදිකිරීම් නිම කිරීමට සැලසුම් කර ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-02-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks