බලන්න

E   |     |  

 දිනය: 2026-02-03   පිළිතුර ලබා දී ඇත 

0627/2026: කොළඹ මහ නගර සභාවේ ආදායම් බදු පරීක්ෂක තනතුර: පුරප්පාඩු

627/2025

ගරු කිංස් නෙල්සන් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      කොළඹ මහා නගර සභාව, ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම ආදායම් උපයන පළාත් පාලන ආයතනය බව පිළිගන්නේද;

            (ii)      කොළඹ මහා නගර සභා බලප්‍රදේශයේ ආදායම් බදු එකතු කිරීම සඳහා සිටිය යුතු ආදායම් බදු පරීක්ෂකවරු සංඛ්‍යාව, මේ වනවිට සිටින ආදායම් බදු පරීක්ෂකවරු සංඛ්‍යාව සහ ආදායම් බදු පරීක්ෂක තනතුරේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-02-03

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

               (ii)      ආදායම් බදු එකතු කිරීම සඳහා සිටිය යුතු ආදායම් බදු පරීක්ෂකවරු සංඛ්‍යාව, එනම් අනුමත ආදායම් බදු පරීක්ෂක තනතුරු සංඛ්‍යාව:

                         ආදායම් බදු පරීක්ෂක -  විශේෂ ශ්‍රේණිය     -  03

                         ආදායම් බදු පරීක්ෂක (I / II / III) ශ්‍රේණිය      -  36

                         මේ වන විට සිටින ආදායම් බදු පරීක්ෂක තනතුරු සංඛ්‍යාව:

                           ආදායම් බදු පරීක්ෂක -  විශේෂ ශ්‍රේණිය      -     00

                         ආදායම් බදු පරීක්ෂක (I / II / III) ශ්‍රේණිය   -     15

ආදායම් බදු පරීක්ෂක තනතුරේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව:

ආදායම් බදු පරීක්ෂක -  විශේෂ ශ්‍රේණිය      -   03

ආදායම් බදු පරීක්ෂක (I / II / III) ශ්‍රේණිය    -    21

(iii) ඔව්.

මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සඳහා පත් කර ඇති අගමැති කමිටුවේ අනුමැතිය අංක අමප/25/2242/802/004-xii හා 2025.12.10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් ලබාදී ඇති බැවින්, අදාළ බඳවා ගැනීම් සිදු කිරීමට කටයුතු කරන ලෙස සියලුම පළාත් පාලන ආයතන වෙත බස්නාහිර පළාත් පාලන කොමසාරිස්ගේ අංක LGD/2G/ පුරප්පාඩු/පොදු/2026 හා 2026.01.08 දිනැති ලිපිය මඟින් දන්වා ඇත.

තවද, ආදායම් පරීක්ෂක (විශේෂ ශ්‍රේණිය) සඳහා බඳවා ගැනීම් සිදු කරනු ලබන්නේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් වන අතර, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්ගේ අංක CSWP/PTR/14-6/FI/4(D) හා 2025.12.31 දිනැති ලිපිය මඟින් බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත බඳවා ගැනීම් සිදු කිරීමට දන්වා ඇති බැවින් ඒ අනුව අවශ්‍ය බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතව ඇත.

 (ආ)      අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-02-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks