පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
623/2025
ගරු කිංස් නෙල්සන් මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වී සිටින සංස්ථා/සමාගම් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවායේ නම් කවරේද;
(iii) පසුගිය රජය විසින් ඉහත සමාගම් සමඟ එළඹ ඇති ගිවිසුම් හේතුවෙන් ඛනිජ තෙල් මිල අඩු කළ නොහැකි බවත්, ඛනිජ තෙල් මිල අඩු කළහොත් අදාළ සමාගම්වලට වන්දි ගෙවීමට සිදු වන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙන බව දන්නේද;
(iv) එම ප්‍රකාශයේ සත්‍ය/අසත්‍යභාවය දන්වන්නේද;
(v) එසේ නම්, අදාළ ගිවිසුම් සංශෝධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-19
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 4යි.
(ii) 1. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
2. ලංකා ඉන්දියානු ඔයිල් සමාගම
3. ආර් එම් පාර්ක්ස් (පුද්ගලික) සමාගම
4. සයිනොපෙක් එනර්ජි ලංකා (පුද්ගලික) සමාගම.
(iii) ඔව්.
(iv) එම ප්‍රකාශය සත්‍ය වේ.
(v) මේ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට නෛතික උපදෙස් ලබා ගැනීමට නියමිතය.
(ආ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2025-08-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks