බලන්න

E   |     |  

 දිනය: 2026-07-22   පිළිතුර ලබා දී ඇත 

0608/2026: කථිකාචාර්යවරුන් සහ මහාචාර්යවරුන් සඳහා අනුමත තනතුරු: පුරප්පාඩු

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා අනුමත, මේ වනවිට සේවයේ යෙදී සිටින සහ පුරප්පාඩුවී පවතින ආචාර්ය සහ මහාචාර්ය තනතුරු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) වැඩිම පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින අධ්‍යයන අංශ කවරේද;

(iii) එම පුරප්පාඩු ඇති වීමට හේතු කවරේද;

(iv) මෙම පුරප්පාඩු ඇතිවීම ‍හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා ඇතිවී ඇති බලපෑම කවරේද;

(v) එකී පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-07-22

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)     

විශ්වවිද්‍යාලය

අනුමත ආචාර්ය සහ මහාචාර්ය තනතුරු සංඛ්‍යාව

සේවයේ යෙදී සිටින ආචාර්ය සහ මහාචාර්ය තනතුරු සංඛ්‍යාව

පුරප්පාඩු වී පවතින ආචාර්ය සහ මහාචාර්ය තනතුරු සංඛ්‍යාව

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ වන විශ්වවිද්‍යාල

9479

7005

2474

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය

65

*59

08

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

70

**59

18

* ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයෙහි දෙදෙනෙකු කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදී සිටී.

** ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙහි අනියම් පදනම මත 07 දෙනෙකු දැනට සේවයේ යෙදී සිටී.

(ii) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ වන විශ්වවිද්‍යාල

විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනයන්හි පවතින ආචාර්ය, මහාචාර්ය තනතුරු පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් අධ්‍යයන අංශ අනුව යාවත්කාලීන තොරතුරු ගෙන්වා ගැනීම සඳහා යම් කාලයක් ගතවන බැවින් ඒ සඳහා පිළිතුරු ඉදිරි දිනකදී ඉදිරිපත් කරමි.

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය

  • සමාජීය විද්‍යා හා තුලනාත්මක අධ්‍යයන අංශය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

  • වැඩිම පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින අධ්‍යයන අංශ පහත දක්වා ඇත.

 

Vacancy List - Buddhist and Pali University of Sri Lanka - Academic

 

 

Faculty

Department

Designation

Approved Cadre

Actual Cadre

Vacancies

Reason

1

 

Office of the Vice

Chancellor

Venerable Vice

Chancellor

1

1

0

 

2

 

 Library

Librarian

1

1

0

 

 

 

 

Senior Assistant Librarian/ Assistant Librarian

1

1

0

 

3

 

Buddhist Philosophy

Chair

Professor

1

0

1

Failure to receive

applications from

suitably

Qualified

candidates.

 

 

 

Professor/ Associate Professor/ Senior

Lecturer/ Lecturer/ Lecturer (Probationary)

9

8

1

Due to the death of a lecturer

 

 

 

Temporary Lecturer

1

0

1

End of the term of appointment

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය

  • ඉදිකිරීම් තාක්ෂණ දෙපාර්තමේන්තුව
  • කර්මාන්ත කළමනාකරණ දෙපාර්තමේන්තුව
  • මෘදුකාංග තාක්ෂණ දෙපාර්තමේන්තුව
  • භාෂා (ඉංග්‍රීසි) අධ්‍යයන දෙපාර්තමේන්තුව
  • කෘෂිකර්ම හා ආහාර තාක්ෂණ දෙපාර්තමේන්තුව
  • අන්තර් ක්ෂේත්‍ර අධ්‍යයන දෙපාර්තමේන්තුව

සාගර විශ්වවිද්‍යාලය

  • නාවික ඉංජිනේරු අධ්‍යයන අංශය (Marine Engineering)
  • සමුද්‍රීය ප්‍රවාහන හා කළමනාකරණ අධ්‍යයන අංශය (Maritime Transportation Management and Logistics)
  • සමුද්‍රීය කටයුතු අධ්‍යයන අංශය (Maritime Affairs and Fisheries and Marine Sciences)

 

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය

  • වෛද්‍ය පීඨය
  • ඉංජිනේරු පීඨය
  • නිර්මිත පරිසරය සහ අවකාශීය විද්‍යා අධ්‍යයන පීඨය
  • පරිගණක පීඨය

(iii) විශ්‍රාම යාම, මිය යාම, සේවයෙන් ඉල්ලා අස්වීම, සේවය අතහැර යාම, සේවයෙන් පහ කිරීම වැනි හේතුන් මත පුරප්පාඩු ඇති වී ඇති අතර බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණවලදී සුදුසුකම් ලත් අයවලුන් නොමැති වීම මතද, බඳවා ගැනීම් සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී නොමැති වීම හා බඳවා ගැනීමේ පරිපාටිය අනුමත වී නොමැති වීම මත ද පුරප්පාඩු සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇත.

(iv) විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සතුව දැනට පවතින මානව සම්පත යොදා ගනිමින් අධ්‍යයන කටයුතුවලට බලපෑමක් ඇති නොවන පරිදි කළමනාකරණය කරගනු ලබයි.

(v) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ වන විශ්වවිද්‍යාල

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන මඟින් ඉදිරිපත් කරන ලද අත්‍යවශ්‍යයෙන්ම සම්පූර්ණ කළ යුතු පුරප්පාඩු සම්බන්ධ ඉල්ලීම් (ආචාර්යවරුන් ද ඇතුළත්ව) නිර්දේශ සහිතව යොමු කරමින් පවතී.

2025.01.01 දින සිට 2026.06.15 දක්වා විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනයන්හි පවතින ආචාර්ය, මහාචාර්යවරුන්ගේ තනතුරු පුරප්පාඩු 1471 ක් පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරි කමිටුව අනුමැතිය ලබා දී ඇති අතර එම බඳවා ගැනීම් අදාළ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනයන් සිදු කරමින් පවතී.

අග්‍රාමාත්‍ය ලේකම් විසින් යොමු කරන ලද අංක PMO/RRPPS/2025 දරන 2025.01.08 හා 2025.01.15 දාතමින් යුතුව යොමු කරන ලද ලිපි අනුව, ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා වෙන්කර ඇති අය වැය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනාකරණය කර ගැනීමට යටත්ව එක් එක් තනතුරට අදාළ බඳවා ගැනීමේ පරිපාටීන්වලට අනුකූලව විධිමත් පරිදි බඳවා ගැනීමට අනුමැතිය හිමිවුණු අධ්‍යයන තනතුරු 1,471 අතරින් අධ්‍යයන තනතුරු 769ක් සඳහා, එනම්  සියයට 52ක් සඳහා බඳවා ගැනීම්, විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන විසින් සිදුකොට ඇත.

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය

අමාත්‍ය මණ්ඩල තීරණ අංක අමප/25/1174/802/004-VII හා 2025.07.07 දිනැති ලිපියට අනුව අනුමැතිය ලබා දී තිබූ පරිදි 2026.01.18 දින පළ කරන ලද පුවත් පත් දැන්වීමට අනුව මහාචාර්ය (ප්‍රමුඛ) තනතුරුවලට අදාළ බඳවා ගැනීමේ පරිපාටි අනුව සිදු කරමින් පවතී.

අනෙකුත් පුරප්පාඩුගත තනතුරුවලට බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා ගැනීමට 2026.06.23 වන දින අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

උපදේශක (බෞද්ධ), උපදේශක (චීන) හා උපදේශක (ජපන්) යන තනතුරුවලට අදාළ බඳවා ගැනීමේ පරිපාටි කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති අතර මේ වනතෙක් අනුමැතිය ලැබී නොමැත.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බැවින් පුරප්පාඩු පිරවීමට පුවත් පත් දැන්වීම් පළ කර අයදුම්පත් කැඳවා ඇත.

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය

පුරප්පාඩු සියල්ල පිරවීම අවසන් අදියරේ පවතී.

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය

පුවත් පත් දැන්වීම් මඟින් නැවත අයදුම්පත් කැඳවා ඇති අතර සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණ කමිටුව වෙත කොඅපි විසින් 2024 දෙසැම්බර් මස 31 වන දිනට තිබූ අධ්‍යයන පුරප්පාඩු 54 ක් සඳහා බඳවා ගැනීම සම්බන්ධව ඉදිරිපත් කළ ඉල්ලීම සඳහා 2025 අගෝස්තු මස 19 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය හරහා තනතුරු 30ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇති අතර, එම බඳවා ගැනීම් සඳහා පුවත් පත් දැන්වීම පළකොට ඇතිවන පුරප්පාඩු පිරවීමට කටයුතු කර ඇත. එසේ වුවද, අධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිරන්තරයෙන් සිදු වන සේවයෙන් ඉල්ලා අස්වීම්, විශ්‍රාම යෑම, සේවය අත්හිටුවීම්, සේවය අතහැරයාම් ආදිය හේතුවෙන් ඇති වන පුරප්පාඩු සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් නව යෝජිත කාර්ය මණ්ඩල වාර්තාවක් 2026 මාර්තු 06 වන දින කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය වෙත ඉදිරිපත් කර ඇත.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks