logo

02

E   |     |  

 දිනය: 2026-06-11   පිළිතුර ලබා දී ඇත 

0598/2026: 2024 ජනාධිපතිවරණයෙන් පසු ලබාගත් ණය: විස්තර

.

අසන ලද දිනය

2026-06-11

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)        2024 ජනාධිපතිවරණයේ සිට 2026.05.05 දක්වා කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් හැර රජය විසින් ලබාගෙන ඇති සම්පූර්ණ ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1,854.77ක් වේ. එම මුදල තුළ අන්තර්ගතව ඇත්තේ 2024 වර්ෂයේ ජනාධිපතිවරණයට පෙර ගිවිසුම්ගත වූ ව්‍යාපෘති 18කට අදාළව 2024 ජනාධිපතිවරණයෙන් පසු ප්‍රතිලබ්ධි වූ ණය මුදල් වන අතර එහි බහුපාර්ශ්වික ණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,752.46ක් සහ ද්විපාර්ශ්වික ණය ඇමෙරිකානු ඩොලර් මිලියන 102.31ක් ඇතුළත් වේ.

(ii)

ණය දෙන ආයතනය/රට

මෙම කාලය තුළ ලබාගත් ණය මුදල (ප්‍රතිලබ්ධි) (ඇමෙරිකානු ඩොලර් මිලියන)

ද්විපාර්ශ්වික

   102.31

ජපානය (Government of Japan)

     46.37

කොරියාව (Government of the Republic of Korea)

       3.49

සෞදි අරාබිය (Saudi Fund For Arab Economic Development)

     28.35

නෙදර්ලන්තය (Co-op Centrale Raiffeisen)

       3.46

ඉන්දියාව (Export Import Bank of India)

     20.64

බහුපාර්ශ්වික

1,752.46

එකතුව

1,854.77

 

(ආ)        (i), (ii), (iii) (‍මෙම ‍ප්‍රශ්නවලට පිළිතුරු පහත වගුවේ දක්ව‍ා ඇත.)

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-06-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නිශාන්ත ජයවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks