පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
570/2025
ගරු වරුණ ලියනගේ මහතා,— ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 1995 වර්ෂයේදී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, 2013 වර්ෂයේදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව බවට පත් කරන ලද බවත් මේ වනවිට, එහි සේවකයන් 25,000ක් පමණ සේවය කරන බවත්;
(ii) එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබන සේවකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීම පසුගිය වසරක පමණ කාලයක සිට නවතා ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් සහ යැපෙන්නන් දැඩි දුෂ්කරතාවයකට පත්වී ඇති බවත්;
(iii) වර්තමාන ආණ්ඩුවේ මැතිවරණ ප්‍රකාශයේද, එම ගැටලුව කඩිනමින් විසඳන බවට සහතිකවී ඇති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) තාවකාලික පියවරක් ලෙස විශ්‍රාම පාරිතෝෂික මුදල රඳවා ගෙන හෝ ඉහත සඳහන් සේවකයන්ට විශ්‍රාම වැටුප් ලබා නොදීමට හේතු කවරේද;
(ii) මේ සඳහා ස්ථිර විසඳුමක් ලබා දීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-08
අසන ලද්දේ
ගරු වරුණ ලියනගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත අන්තර්ග්‍රහණය වූ නිලධාරින්හට විශ්‍රාම වැටුප් ගෙවීම එම දෙපාර්තමේන්තුව තුළ පැවති නීති කෘත්‍යයන් හේතුවෙන් මාස 03කට ආසන්න කාලයක් තාවකාලිකව නැවතී තිබූ අතර නීතිපති උපදෙස් අනුව මේ වන විට විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු සිදු කරනු ලබයි.
(iii) මැතිවරණ ප්‍රකාශනයේ ඇතුළත් වී නොමැත.
කෙසේ නමුත් මෙම විශ්‍රාම වැටුප් ගැටලුව විසඳීම ප්‍රමුඛ කාර්යයක් සේ සලකා ඊට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදු කරමින් පවතී.
(ආ) (i) මේ වන විට රජයට ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදලේ සියයට 60ක දායක මුදල විශ්‍රාම පාරිතෝෂිකයෙන් හිලව් කර ගනිමින් විශ්‍රාම වැටුප් ගෙවීම් සිදු කරනු ලබයි.
(ii) ඉහත කරුණට අදාළව දැනට පවතින SC/Contempt 07/2024 අංක දරන නඩුව සම්බන්ධව ලැබෙන අධිකරණ තීරණය අනුව ඉදිරි කටයුතු සිදු කරනු ලබයි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-04-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks