E   |     |  

 දිනය: 2026-05-05   පිළිතුර ලබා දී ඇත 

0568/2026: ලං.වි.ම. රාජ්‍ය බැංකුවලින් ලබා ගත් ණය: විස්තර

568/2025

ගරු රෝහණ බංඩාර මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      2024 වර්ෂය වනවිට ලංකා විදුලිබල මණ්ඩලය විසින් රජයේ බැංකුවලින් ණය ලබා ගෙන තිබේද;

             (ii)      එසේ නම්, එම බැංකුවල නම් කවරේද;

(iii) එම ණයවලින් මේ වනවිට ගෙවීමට ඇති ණය මුදල කොපමණද;

(iv) විදුලිබල මණ්ඩලය විසින් බැංකුවලින් ණය ගැනීම අවම කිරීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-05-05

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ මහජන බැංකුව.

            (iii)      2024.12.31 දිනට රාජ්‍ය බැංකුවලින් ලංකා විදුලිබල මණ්ඩලය ලබාගෙන ඇති බැංකු ණයවලට අදාළව 2026.02.28 දිනට බැංකු ණය ශේෂය රුපියල් 11,666,855,608.00ක් වන අතර, ඒ පිළිබඳ විස්තර ඇතුළත් ලේඛනය ඇමුණුම වශයෙන් ඉදිරිපත් කරමි. ඇමුණුම සභාගත* කරමි.

(iv) පිරිවැය ආවරණය වන පරිදි විදුලි අය ක්‍රමය සැකසීම තමයි සාමාන්‍යයෙන් අපි කරන්නේ. එතැනදී අපි ක්‍රම දෙකක් අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි, අපේ ජනන පිරිවැය අඩු කර ගන්න එක. අනික් එක තමයි මෙහෙයුම් පිරිවැය අඩු කර ගැනීමේ සැලසුම. ඒ අනුව, බැංකු ණය මුදල් ලබා ගැනීම පුළුවන් තරම් අවම කර ගැනීම තමයි අපේ බලාපොරොත්තුව.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-05-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks