පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-10
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2025 ඔක්තෝබර් මස 15.
(ආනයන පාලන බලපත්‍ර යටතේ සහල් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර, 2025 ඔක්තෝබර් මස 15වන දිනැති අංක 2458/43 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව 2025.10.15 දින සිට 2025.11.10 දින දක්වා කීරි සම්බා සහල්වලට සමාන GR 11 (HS code 1006.30.29) සහල් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලදී.
(ii) එක් ආනයනකරුවකු වෙත මෙට්‍රික් ටොන් 520ක උපරිමයකට යටත්ව සහල් ආනයනය කරනු ලැබූ රජයේ සහ පෞද්ගලික ආයතනයන්, එම එක් එක් ආයතනය විසින් ආනයනය කරන ලද සහල් ප්‍රමාණයන් සහ එමඟින් රජයට ලැබුණු බදු ආදායම වෙන් වෙන් වශයෙන් ඇමුණුමෙහි** දක්වා ඇත.
(iii) · 2026 වසර සඳහා වී මිලදී ගැනීමට රජය විසින් රුපියල් මිලියන 10,000ක මුදලක් වෙන් කර දී ඇත. ඒ අනුව, වී අලෙවි මණ්ඩලය විසින් වී මෙට්‍රික් ටොන් 80,000ක් මිලදී ගැනීමට අපේක්ෂා කෙරේ.
· මිලදී ගන්නා ලද වී තොග ගබඩා කිරීම සඳහා මෙට්‍රික් ටොන් 326,710ක ධාරිතාවකින් යුත් ගබඩා 353ක් වී අලෙවි මණ්ඩලය සතුව පවතී. මින් මෙට්‍රික් ටොන් 250,000ක ධාරිතාවකින් යුත් ගබඩා ප්‍රමාණයක් දැනට වී ගබඩා කළ හැකි මට්ටමේ පවතී. මෙම වී ගබඩා දිස්ත්‍රික් මට්ටමින් අදියර කිහිපයක් යටතේ අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ගබඩා පහසුකම් ඉහළ නැංවීමට කටයුතු සිදු කර ඇත.
· වී අලෙවි මණ්ඩලය සතු වී තොග සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙතින් සහල් බවට පත් කර වෙළෙඳ පොළට නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇත. ඒ අනුව, වී අලෙවි මණ්ඩලය සතු වී තොග මේ වනවිටත් සහල් මෙට්‍රික් ටොන් 5,300ක් බවට පත් කර ඇති අතර මෙම සහල් ලංකා සතොස ආයතනය, සමුපකාර සමිති හා පෞද්ගලික අංශය හරහා වෙළෙඳ පොළ වෙත නිකුත් කිරීම සිදු කරනු ලබයි.
· එසේම සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින් 'ත්‍රිපෝෂ' නිපදවීම සඳහා අවශ්‍ය සුදු කැකුළු සහල් මෙට්‍රික් ටොන් 400ක් සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වෙත මාසිකව ලබා දීමට කටයුතු කරයි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-04-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks