පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-03-20
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ගුදම් කුවිතාන්සි මූල්‍යකරණ ව්‍යාපෘතියේ මූලික අරමුණ වනුයේ අස්වනු නෙළන කාලයේදී ලැබෙන අස්වැන්න සඳහා ගොවීන්ට සුදුසු මිලක් ලැබෙන තෙක් ගබඩා කර තැබීම සඳහා උසස් තත්ත්වයෙන් යුතු ගබඩා පහසුකම් සපයා දීම සහ එම ධාන්‍ය තොග සුරැකුම් ලෙස යොදාගෙන බැංකු හරහා ඔඩපන ණය - pledge loan - පහසුකම් ලබා ගැනීමට අවස්ථාව ලබා දීමය.
(iii) ස්ථාපිත කරන ලද ගබඩා සංඛ්‍යාව 06කි. මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ලෝක බැංකු ආධාර භාවිත කර, 2015 වර්ෂයේදී ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථාන 03ක් අනුරාධපුරය, මොනරාගල, මන්නාරම යන දිස්ත්‍රික්කවල ඉදි කළ අතර, 2018 වර්ෂයේදී දේශීය අරමුදල් භාවිත කර කිලිනොච්චිය, පොළොන්නරුව හා රත්නපුරය යන දිස්ත්‍රික්ක තුළ තවත් ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථාන 03ක් ඉදි කර ඇත.
නමුත්, 2021 වර්ෂයේදී රත්නපුර දිස්ත්‍රික්කයේ ඉදි කළ ඇඹිලිපිටිය ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුළුබඩු හා ඒ ආශ්‍රිත අළෙවි මණ්ඩලය වෙත ලබා දී ඇත. ඒ අනුව, දැනට ගුදම් කුවිතාන්සි මූල්‍යකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනුයේ ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථාන 05ක පමණි.
(iv) මෙම ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානවල ගොවීන් 4,187ක් ලියාපදිංචි වී ඇත. මීට අමතරව ලියාපදිංචි නොවන ගොවීන්ට ද දෛනික කුලී පදනම මත ධාන්‍ය වේලා ගැනීම, පිරිසිදු කිරීම වැනි සේවා ලබා ගත හැකිය. එබැවින් මෙම ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානවලින් ප්‍රතිලාභ ලබා ගන්නා ගොවීන් සංඛ්‍යාව ලියාපදිංචි ගොවීන් සංඛ්‍යාවට වඩා වැඩි වේ.
(v) වර්තමානයේදී මෙම ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානවල කළමනාකරණ කටයුතු ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් සිදු කරන අතර, අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් විසින් අධීක්ෂණය කරනු ලබයි. එහිදී කළමනාකරණ හා මෙහෙයුම් තීරණ ගැනීම සඳහා සෑම ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානයකම උපදේශන කමිටුවක් පිහිටුවා ඇත. එම කමිටුවේ සභාපතිවරයා වන්නේ දිස්ත්‍රික් ලේකම් වන අතර, මහා භාණ්ඩාගාරයේ නිලධාරියකු, පසු අස්වනු කළමනාකරණ ආයතනයේ නිලධාරියකු, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නිලධාරියකු ඇතුළු අදාළ දිස්ත්‍රික් මට්ටමේ ආයතනවල නිලධාරින් එහි සාමාජිකයන් වේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-03-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිශාන්ත ජයවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks