පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-03-06
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2020 වර්ෂයේ ජනවාරි 01 සිට 2025 දෙසැම්බර් 31 දක්වා 1002 වැය විෂය යටතේ අතිකාල වියදම් වාර්තාව
|
අනු අංකය |
වර්ෂය |
වාර්ෂික ප්‍රතිපාදනය (රු) |
වාර්ෂික වියදම (රු) |
ඉතිරි ප්‍රතිපාදන ප්‍රමාණය (රු) |
|
01 |
2020 |
804,895,000.00 |
785,115,144.60 |
19,779,855.40 |
|
02 |
2021 |
900,000,000.00 |
806,246,052.82 |
93,753,947.18 |
|
03 |
2022 |
888,240,000.00 |
875,597,350.44 |
12,642,649.56 |
|
04 |
2023 |
1,015,000,000.00 |
982,351,308.34 |
32,648,691.66 |
|
05 |
2024 |
1,349,000,000.00 |
1,346,083,274.46 |
2,916,725.54 |
|
06 |
2025 |
1,940,000,000.00 |
1,912,486,606.19 |
27,513,393.81 |
(ii) 2020 වර්ෂයේ සිට මේ දක්වා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අතිකාල දීමනා ගෙවීම සඳහා වැය කරන ලද මුදල වසරින් වසර ඉහළ යාමට බලපාන ලද සාධක කිහිපයක් පවතින බව නිරීක්ෂණය වේ.
• ශ්‍රී ලංකාවේ වර්තමාන බන්ධනාගාර පද්ධතියට කොළඹ පිහිටි බන්ධනාගාර මූලස්ථානය යටතේ පාලනය වන ආවෘත බන්ධනාගාර 04ක්, රක්ෂිත බන්ධනාගාර 18ක්, වැඩ කඳවුරු 10ක්, එළිමහන් සිරකඳවරු 02ක්, තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථාන 02ක්, තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාල 01ක්, බන්ධනාගාර සිරි මැදිරි 24ක්, පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානය යටතේ වූ නිලධාරි පුහුණු පාසල යනාදී වශයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ආයතන ජාලයකින් සමන්විත වේ.
• ජාතික ආරක්ෂාව සම්බන්ධව වගකිව යුතු රාජ්‍ය ආයතනයක් වීම හේතුවෙන් වසරේ දින 365 පුරාම හා දවසේ පැය 24 පුරාම සක්‍රියව රැඳවියන්ගේ ආරක්ෂාව හා පුනරුත්ථාපනය සඳහා මෙහෙයුම් කටයුතු ක්‍රියාශීලි හා අඛණ්ඩතාවයකින් යුතුව රාජකාරි ඉටු කිරීම සිදු කෙරේ.
• දැනට සමස්ත බන්ධනාගාර පද්ධතිය තුළම රැඳවිය හැකි සංඛ්‍යාව 11,000ක් පමණ වුවත් මේ වනවිට රැඳවියන් 40,000ක පමණ ප්‍රමාණයක් රඳවා සිටීම තුළින් නිලධාරින්ගේ අමතර රාජකාරි ප්‍රමාණය ඉහළ යාම. (එනම් දෛනිකව සිරකරුවන්/සැකකරුවන් අධිකරණ සඳහා ඉදිරිපත් කිරීම, රෝහල් සායන සඳහා ඉදිරිපත් කිරීම් හා ආයතන අතර සිරකරුවන්/සැකකරුවන් මාරු කිරීම වැනි රාජකාරි රාශියක් ඉටු කිරීමට පැවතීම)
• බන්ධනාගාර නිලධාරින්ගේ වැටුප් අනිකුත් රාජ්‍ය නිලධාරින්ට වඩා අඩුවීම හේතුවෙන් සේවය අතහැර යෑම, විදේශ ගතවීම, විශ්‍රාම ගැනීම සිදුවන අතර දිවයින පුරා අධිකරණ වැඩිවීම මඟින් එම අධිකරණ රාජකාරි සඳහා නිලධාරින් යෙදවීමට සිදුවීම යන කරුණු හේතුවෙන් නිලධාරින් අඛණ්ඩ සේවයේ යෙදවීම මත ඔවුන්ට අතිකාල ගෙවීම් කිරීමට සිදු වී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා අනුමත සමස්ත නිලධාරින් සංඛ්‍යාව 7,867 වන නමුත් දැනට සිටින නිලධාරි සංඛ්‍යාව 5,378ක් පමණි. නමුත් එම පිරිස අනුමත සියලු නිලධාරින් විසින් සිදුකරන ඉහත සඳහන් කාර්යයන් සිදු කරනු ලබයි.
• එසේම රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම මත අතිකාල පැයක් සඳහා ගෙවන මුදල් ප්‍රමාණය (රේට්) වැඩිවීම වැනි හේතු ගණනාවක් මත අතිකාල දීමනා සඳහා ගෙවන මුදල ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වේ.
(iii) අතිකාල දීමනා ගෙවීම් කළමනාකරණය කිරීමට කටයුතු කළ යුතු බව අපගේ ස්ථාවරයයි.
(iv) • බන්ධනාගාර සඳහා පවතින අනුමත පුරප්පාඩු සඳහා නව නිලධාරින් බඳවා ගැනීම. (දැනටමත් බඳවාගැනීම් සිදුකරමින් පවතී)
• සිරකරුවන් අධිකරණවලට රැගෙන යාම වෙනුවට බන්ධනාගාරය තුළ සිටියදී ම VIRTUAL COURT පෙනී සිටීමේ ක්‍රමය ඇති කිරීම.
• පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඉදිකර සිරකරුවන්/සැකකරුවන් පුනරුත්ථාපනය කිරීම තුළින් නැවත නැවත බන්ධනාගාරගත වීම අවම කිරීමට පියවර ගැනීම.
• රස පරීක්ෂණ වාර්තා ලබා දීම කඩිනම් කිරීමට පියවර ගැනීම සහ ප්‍රජා විශෝධනය සඳහා යොමු කරන සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවීම මඟින් අධික තදබදය අවම කිරීම
යනාදිය අතිකාල දීමනා සීමා කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ලෙස පෙන්වා දිය හැකියි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-03-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks