E   |     |  

 දිනය: 2026-02-19   පිළිතුර ලබා දී ඇත 

0564/2026: රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව: 2020 සිට නිෂ්පාදනය කරන ලද ඖෂධ

564/2025

ගරු රෝහණ බංඩාර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      2020 වර්ෂයේ සිට මේ දක්වා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධ වර්ග සංඛ්‍යාව සහ එම ඖෂධවල නාමයන් එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) එම ඖෂධ අතරින් නිෂ්පාදන පිරිවැයට වඩා අඩු මිලට පෞද්ගලික වෙළඳුන්ට අලෙවි කරන ලද ඖෂධ වර්ග සහ ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඒ හේතුවෙන් ඉහත සංස්ථාවට සිදුවී ඇති අලාභය කොපමණද;

(iv) මේ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-02-19

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2020 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධ වර්ග සංඛ්‍යාව සහ එම ඖෂධවල නාමයන් ඇමුණුම් 06ක් මඟින් දක්වා තිබෙනවා.  මම අදාළ වර්ෂවල නිෂ්පාදනය කරන ලද ඖෂධ වර්ග සංඛ්‍යාව විතරක් කියන්නම්.

වර්ෂය ඖෂධ වර්ග

2020 49

2021 49

2022 58

2023 59

2024 53

2025 55

(ii) රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් පෞද්ගලික වෙළෙඳුන්ට අළෙවි කරන ඖෂධ ඒවා නිෂ්පාදනය කරන ලද අවස්ථාවේ පවතින පිරිවැයට අනුකූලව ලාභාන්තිකයක් සහිතව, මිල තීරණය කර ඇති බැවින් පිරිවැයට වඩා අඩු මිලට ඖෂධ අළෙවි කර නොමැත.

2020 සිට 2025 වර්ෂය දක්වා පෞද්ගලික වෙළෙඳ පොළට අළෙවි කරන ලද ඖෂධ වර්ගවල මිල සහ ප්‍රමාණයන් ඇමුණුම් අංක 7 සිට 12 මඟින් දක්වා තිබෙනවා. ඒවාත් ටිකක් දීර්ඝ ඇමුණුම්.

ඇමුණුම් 1 සිට 12 දක්වා මම සභාගත* කරනවා.

(iii) අලාභයක් සිදු වී නොමැත.

(iv) පැන නොනඟී.

 

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-02-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks