logo

E   |     |  

 දිනය: 2026-03-20   පිළිතුර ලබා දී ඇත 

0553/2026: Maintenance cost of the familly members of late Mr. Rohana Wijeweera

553/2025

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,—  ආරක්ෂක අමාත්‍යතුමාගෙන්  ඇසීමට,— (2)

(අ)        (i)      ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීර මහතාගේ බිරිඳගේ සහ දරුවන්ගේ නම් කවරේද;

             (ii)      රෝහණ විජේවීර මහතාගේ ඝාතනයෙන් පසු මේ දක්වා ඔවුන් ජීවත්වූ එක් එක් ස්ථානය සහ එම එක් එක් ස්ථානයේ ජීවත්වූ කාල සීමාව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඔවුන්ගේ නඩත්තු වියදම් ශ්‍රී ලංකාවේ රජය විසින් දරා තිබේ නම්, ඒ සඳහා දරන ලද වියදම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ඔවුන්ගේ නඩත්තු කටයුතු වෙනත් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් දරා තිබේ නම්, නඩන්තු කරන ලද කාල සීමාව සහ ඒ සඳහා දරන ලද වියදම වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) ඔවුන්ගේ නඩත්තු කටයුතු සඳහා විදේශ රටවලින් ආධාර ලැබී තිබේද;

(vi) එසේ නම්, ආධාර ලබා දුන් රට, පුද්ගලයන් සහ ආධාර ලබා දුන් කාල සීමාව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-03-20

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)         දූ දරුවන්ගේ විස්තර මෙසේයි.

                         බිරිඳ, දියණියන් හතරදෙනා, වැඩිමහල් පුතා සහ බාල පුතා.      

 

(ii)      •   1992 ජූනි මස 11වන දින සිට 1999 අගෝස්තු මස 22වන දින දක්වා ත්‍රිකුණාමලය නාවික තටාකාංගණය තුළ.

  • 1999 අගෝස්තු මස 23වන දින සිට මේ දක්වා වැලිසර නාවික සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනය තුළ.

(iii) 992 සිට 2026 වනතුරු වියදම් කර ඇති රාජ්‍ය මුදල් පිළිබඳ සවිස්තරාත්මක දත්ත සහිත වගුවක් පහත දැක්වේ.

වර්ෂය

දරන ලද වියදම (රුපියල්)

1992

13,114.58

1993

26,309.63

1994

26,954.63

1995

26,849.63

1996

26,811.15

1997

29,451.83

1998

32,981.63

1999

145,559.87

2000

276,589.05

2001

311,585.63

2002

352,639.05

2003

391,829.23

2004

401,184.20

2005

417,089.73

2006

490,723.06

2007

587,779.26

2008

729,008.32

2009

819,761.43

2010

754,867.73

2011

828,328.78

2012

953,294.23

2013

992,656.56

2014

1,000,618.00

2015

903,302.75

2016

964,158.38

2017

1,020,595.65

2018

1,080,211.85

2019

1,266,665.30

2020

1,287,410.48

2021

1,695,248.75

2022

1,469,748.40

2023

1,950,339.79

2024

1,908,548.05

2025

2,823,590.50

2026

272,245.35

(iv) ඔවුන්ගේ නඩත්තු කටයුතු වෙනත් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් දරා නොමැති බව දන්වා සිටිමි.

(v) නාවික හමුදා මූලස්ථානයේ විදේශ සබඳතා කාර්යාලයේ පවතින තොරතුරු අනුව විදේශ රටවලින් ආධාර ලබා දී නොමැත.

(vi) පැන නොනඟී.

(ආ)   අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-08-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks