01

E   |     |  

 දිනය: 2025-09-24   පිළිතුර ලබා දී ඇත 

0545/2025: Appointments to the private staff of the Deputy Ministers

545/2025

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)       නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා අනුමත නිලධාරින් සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම එක් එක් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා පත් කර ඇති එක් එක් නිලධාරියාගේ නම, ලිපිනය, පත් කරන ලද දිනය, ගෙවනු ලබන මාසික වැටුප හා දීමනා, එම වැටුප පෞද්ගලික බැංකු ගිණුමකට බැර නොවන්නේ නම් එය බැර කරනු ලබන බැංකුව, ගෙවනු ලබන වෙනත් දීමනා, ඔහුට/ඇයට වාහන ලබාදී තිබේ නම් එම වාහනයේ අංකය, වාහනයේ වර්ගය සහ වාහනය වෙනුවෙන් ලබා දෙන මාසික ඉන්ධන දීමනාව එක් එක් අමාත‍්‍යාංශය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-24

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks