පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
517/2025
ගරු හර්ෂණ රාජකරුණා මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික පාසල් 1000ක් ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ මේ වනවිට ජාතික පාසල් ලෙස නම් කරන ලද පාසල් සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම එක් එක් ජාතික පාසලේ නාම පුවරුව හා ප්‍රධාන පිවිසුම් දොරටුව සැකසීම සඳහා ලබා දී ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) මේ වනවිට එම පාසල් පාලනය කරනු ලබන්නේ රේඛීය අමාත්‍යාංශය මඟින්ද; නොඑසේ නම්, අදාළ පළාත් සභාව මඟින්ද;
(iv) ඒ අනුව, මේ වනවිට ස්ථාපිත කර ඇති මුළු ජාතික පාසල් සංඛ්‍යාව කොපමණද;
(v) ඒවායේ නම් කවරේද;
(vi) එම ජාතික පාසල්වල භෞතික සම්පත් සංවර්ධනය කර ඒවා රේඛීය අමාත්‍යාංශය යටතට ගන්නේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-19
අසන ලද්දේ
ගරු හර්ෂණ රාජකරුණා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ආවරණය වන පරිදි නිර්ණායක පදනම් කර ගනිමින් පාසල් 836ක් මේ යටතේ සංවර්ධනය සඳහා තෝරා ගනු ලැබිණි. මේ අතරින් පාසල් 23ක් මේ වන විට ස්ථාවර නියෝගය නිකුත් කර ජාතික පාසල් බවට පත් කිරීමට පියවර ගෙන ඇත. මෙම පාසල් ලේඛන ඇමුණුම 01** සහ ඇමුණුම 02හි ඇතුළත් කර ඇත.
(ii) 2021 හා 2022 වර්ෂයන්හිදී ජාතික පාසල් හා ද්විතීක පාසල් සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන පළාත් වශයෙන් ඇමුණුම 03 මඟින් දක්වා ඇති අතර, එම එක් එක් පාසල් වෙත වෙන් කළ ප්‍රතිපාදන හා වියදම් සම්බන්ධ තොරතුරු වෙන් වෙන් වශයෙන් මෙතෙක් ලැබී නොමැති අතර, ලද විගස ඉදිරිපත් කරමි.
(iii) 2021 හා 2022 වර්ෂයේදී යෝජිත 836හි යම් යම් කාර්යයන් සිදු කිරීමට රේඛීය අමාත්‍යාංශය විසින් එක් එක් පළාත් සභා වෙතින් ප්‍රතිපාදන වෙන් කර දී තිබුණ ද, දැනට අනුමත ජාතික පාසල් 396 හැර අනෙකුත් පාසල් රේඛීය අමාත්‍යාංශය යටතට ගැනීමට කටයුතු නොකරන අතර, පැවති ක්‍රමවේදය අනුවම එම පාසල් පළාත් සභා යටතේ පාලනය වනු ඇත.
(iv) මේ වන විට ස්ථාපිත කර ඇති මුළු ජාතික පාසල් සංඛ්‍යාව 396ක් වේ.
(v) මේ වන විට ස්ථාපිත කර ඇති මුළු ජාතික පාසල් ලේඛනය ඇමුණුම 04** මඟින් දැක්වේ.
(vi) ජාතික පාසල් බවට අනුමත කර ඇති පාසල් 396 හැර අනෙකුත් පාසල් රේඛීය අමාත්‍යාංශය යටතට නොගැනෙනු ඇත. නමුත්, ජාතික පාසල් බවට පත් කිරීමට යෝජනා කර තිබූ අනෙකුත් පාසල්වල භෞතික සම්පත් සංවර්ධනය පළාත් සභා විසින්ම සිදු කෙරෙනු ලබන අතර, රේඛීය අමාත්‍යාංශය විසින් ද එකී පාසල් සංවර්ධනය කිරීම සඳහා වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කරමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks