01

E   |     |  

 දිනය: 2025-04-22   පිළිතුර ලබා දී ඇත 

0516/2025: සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු-නැ‍‍ඟෙනහිර අතුරුදහන්වීම් : විස්තර

----

අසන ලද දිනය

2025-04-22

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      2011.12.09 දින සිදු වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන පුද්ගලයන්ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් මල්ලාකම් ම/උ නඩු අංක බී 669/2011 යට‍තේ 2011.12.12වන දින ගරු අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, මෙම නඩුවට අදාළව අවස්ථා 17ක දී ස්ථානාධිපති අච්චුවේලි විසින් වැඩිදුර වාර්තා ඉදිරිපත් කර ඇත. අවසන් වරට මෙම නඩුව 2014.10.10වන දින ගරු අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී නඩුව බහා තැබීම සඳහා ගරු අධිකරණය විසින් නියෝග කර ඇත.

මේ පිළිබඳව සිදු කරන ලද විමර්ශනවල ප්‍රගතියක් අත්කරගෙන නොමැති වීම හේතුවෙන් වැඩබලන පොලිස්පති විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීම සඳහා 2025.06.03 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අවශ්‍ය නියෝග හා උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන විසින් 2025.06.03 දිනැතිව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, උතුරු පළාත වෙත ලිපියක් යොමු කරමින් මෙම විමර්ශනයට අදාළව අච්චුවේලි පොලිස් ස්ථානය, යාපනය අපරාධ ස්ථාන පරීක්ෂණාගාරය හා යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත කරන ලද විමර්ශනයන්ට අදාළව සියලු විමර්ශන උද්ධෘත ගොනු  ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙන ලදී.

ඒ අනුව 2025.06.11 දිනැතිව මෙම උද්ධෘත ගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‍වේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර පවත්වා ගෙන යනු ලබයි.

(iii) ශ්‍රී ලංකාවේ උතුරු-නැ‍ඟෙනහිර පැවති සිවිල් යුදමය තත්ත්වය අවසන් වීමෙන් පසුව අතුරුදහන් වීමේ සිදුවීම් 04ක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හා සිදුවීම් 06ක් සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදු කරනු ලබන අතර, එම අතුරුදහන්වීම්වලට අදාළ විමර්ශන කටයුතු මෙතෙක් අවසන් වී නොමැත.

මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඇමුණුමෙහි දැක්වේ. ඇමුණුම සභාගත* කරමි.

(iv) නැත.

(v) අදාළ නොවේ.

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-07-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks