පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
515/2025
ගරු (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මියගිය ජනතාව සිහිකිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා තුළ රජය අපකීර්තියට පත්වන ආකාරයේ ප්‍රචාර සිදු කරන ලද බව දන්නේද;
(ii) සමාජ මාධ්‍ය ජාලා තුළ සංවිධානාත්මක ආකාරයෙන් ජාතිවාදය, ආගම්වාදය සහ ද්වේශ සහගත ප්‍රකාශ සිදු කිරීමට එරෙහිව මේ වනවිට බලපැවැත්වෙන නීතිමය ප්‍රතිපාදන කවරේද;
(iii) ඒ අතරින් පසුගිය කාලයේදී වැඩි වශයෙන් යොදා ගෙන ඇති පනත් කවරේද;
(iv) මාධ්‍ය මඟින් අසත්‍ය කරුණු ප්‍රචාරය වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නිවැරදි සත්‍ය තත්ත්වය පිළිබඳව රජය විසින් කරනු ලබන පැහැදිලි කිරීම කඩිනමින් ප්‍රචාරය නොවීම හේතුවෙන් ඇති වන අපකීර්තිය වැළැක්වීමට වැඩපිළිවෙළක් සකස් කර තිබේද;
(v) මෙම තත්ත්වය නිවැරදි කිරීමට සහ ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් නැවත ඇති නොවීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-09
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii)
(iii) මේ සම්බන්ධව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සතුව දත්ත නොමැති අතර, පවතින නීතිමය ප්‍රතිපාදන ප්‍රකාරව අදාළ ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා පොලීසිය විසින් ගනු ලැබේ.
(iv) මේ සම්බන්ධයෙන් විධිමත් වැඩ පිළිවෙළක් සකස් කරමින් පවතී.
(v) ඔව්.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති අතර, මාධ්‍ය මඟින් අසත්‍ය කරුණු ප්‍රචාරය වැළැක්වීම සඳහා විධිමත් වැඩ පිළිවෙළක අවශ්‍යතාව හඳුනාගෙන ඊට අදාළව සැලසුම් සකස් කරමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks