පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
513/2025
ගරු පද්මසිරි බණ්ඩාර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති වැව් අතරින් මේ වනවිට ප්‍රතිසංස්කරණය කළ යුතු තත්ත්වයේ පවතින වැව් සංඛ්‍යාව කොපමණද;
(ii) එම වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සැලසුම් කර තිබේද;
(iii) එසේ නම්, එම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-09
අසන ලද්දේ
ගරු පද්මසිරි බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ප්‍රතිසංස්කරණය කළ යුතු තත්ත්වයේ වැව් |
101 |
ඇමුණුම් 01 - 06 දක්වා |
|
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රතිසංස්කරණය කළ යුතු තත්ත්වයේ වැව් |
174 |
ඇමුණුම 07 |
|
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ප්‍රතිසංස්කරණය කළ යුතු තත්ත්වයේ වැව් |
4,551 |
ඇමුණුම 08 |
|
එකතුව |
4,826 |
|
සවිස්තරාත්මක පිළිතුරු ඇමුණුම් 01-06 දක්වා ලබා දී ඇත.
ඇමුණුම් 01 සිට 06 දක්වා සභාගත* කරමි.
ඇමුණුම් 07 සහ 08 පහත පරිදි වේ.
(ii) • ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති වැව් සංඛ්‍යාව 42යි.
• වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ජලාශ 23ක් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ වැව්, අමුණු සහ ඇළ මාර්ග ව්‍යාපෘති 209ක් ප්‍රතිසංස්කරණය කරන්න අපි වැඩකටයුතු සකස් කර තිබෙනවා.
(iii) අපි දැනටමත් මේ වාරි ප්‍රතිසංස්කරණ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks