01

E   |     |  

 දිනය: 2025-03-11   පිළිතුර ලබා දී ඇත 

0509/2025: වලවේ ගඟ හරහා ලියන්ගස්තොට පාලම ඉදිකිරීම: වර්තමාන තත්ත්වය

509/2025

ගරු උපුල් කිත්සිරි මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       රත්නපුර දිස්ත්‍රික්කයට ආසන්නව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලවේ ගඟ හරහා ලියන්ගස්තොට පාලම ඉදිකර ඇති බව දන්නේද;

              (ii)       එම පාලමේ ‍ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද දිනය සහ අවසන් කිරීමට නියමිතව තිබූ  දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම පාලමේ ඇස්තමේන්තුගත වටිනාකම කොපමණද;

(iv) එවකට එම පාලමේ ඉදිකිරීම් භාරව කටයුතු කරන ලද අමාත්‍යාංශය/ආයතනය කවරේද;

(v) එය ඉදිකරන ලද කාලයේදී අදාළ අමාත්‍යාංශය භාරව සිටි අමාත්‍යවරයා කවුරුන්ද;

(vi) මේ වනවිට එම පාලමේ වැඩ අවසන් කර තිබේද;

‍‍ (vii) එම පාලමේ ඉදිකිරීම් කටයුතු අතරමඟ නතර කර තිබේ නම්, ඒ හේතුවෙන් විනාශ වී ඇති ද්‍රව්‍ය කවරේද;

(viii) ඒවායේ වටිනාකම කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-11

අසන ලද්දේ

ගරු උපුල් කිත්සිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ලියන්ගස්තොට පාලමෙහි ඉදිකිරීම් කටයුතු අංක 17/2617/702/002-XXXI හා 2017.12.05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මඟින් සිදු කර ඇති අතර, පාලමේ භෞතික ප්‍රගතිය සියයට 75ක් ලෙස දළ වශයෙන් ඉදිරිපත් කළ හැක.

                        මෙම පාලම හම්බන්තොට දිස්ත්‍රික්කයට හා රත්නපුර දිස්ත්‍රික්කයට මායිම්ව වලවේ ගඟ හරහා පිහිටි පාලමක් වේ. පාලම විවර 5කින් යුක්ත - with five spans - දිග මීටර් 16.5ක් හා පළල මීටර් 11ක් වන කුලුනු 4කින් සමන්විත - with four piers - හා ආධාරක යා බැමි දෙකකින් - two abutments - යුක්ත වේ.

(ii) 2017 දෙසැම්බර් 25 දින ආරම්භක දිනය වේ.

අවසන් කිරීමට නියමිතව තිබූ දිනය - 2019                 ජුනි 03.

අංක අමප/20/0861/206/037 දරන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව වැඩ අවසන් කිරීමට නියමිත දිනය 2022.07.21 ලෙස සංශෝධනය කර ඇත.

(iii) ආරම්භක කොන්ත්‍රාත් වටිනාකම - රුපියල් මිලියන 270,948,715.11කි.

2020 වර්ෂයේදී සිදු කරන ලද ඉතුරු වැඩ සඳහා වූ සංශෝධිත ඇස්තමේන්තුවේ වටිනාකම - රුපියල් මිලියන 194,894,221.37කි.

ඉතුරු වැඩ සම්පූර්ණ කිරීම සඳහා 2025 වර්ෂයට අදාළව ඇස්තමේන්තුව මේ වනවිට සකස් කරමින් පවතී.

 

(iv) 2017 ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේදී අංක 17/2617/702/002-XXXI හා 2017.12.05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව පහත පරිදි පාර්ශ්වකරුවන් තීරණය කර ඇත.

(1) සේවාලාභියා -  ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය)

(2) උපදේශක - මාර්ග සංවර්ධන අධිකාරිය (එවකට මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය)

(3) කොන්ත්‍රාත්කරු - රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව (නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය)

2020 දී ලබාගත් අමාත්‍ය මණ්ඩල තීරණ අංක CP/20/861/206/037 අනුව පහත පරිදි පාර්ශ්වකරුවන් සංශෝධනය වී ඇත. ‍

(1) සේවාලාභියා - මාර්ග සංවර්ධන අධිකාරිය (මහාමාර්ග අමාත්‍යාංශය)

(2) උපදේශක - මාර්ග සංවර්ධන අධිකාරිය (මහාමාර්ග අමාත්‍යාංශය)

(3) කොන්ත්‍රාත්කරු -  රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව SD&CC (ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය)

 

(v) 2017දී හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා

2020දී අමාත්‍ය මණ්ඩල තීරණයෙන් පසුව හිටපු මාර්ග හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා

 

(vi) පාලමේ භෞතික ප්‍රගතිය සියයට 75කි. පාලමේ කුලුනු බැමි මුදුන තෙක් සම්පූර්ණ කර ඇත. පාලමේ විවර දෙකකට අදාළ කොන්ක්‍රීට් පමණක් අතුරා සම්පූර්ණ කර ඇත.

කොන්ත්‍රාත්කරු විසින් 2023 ජනවාරි මස ඉදිකිරීම් අතරමඟ නවතා ඇත. මේ වනවිට mutual termination ගිවිසුම් අවලංගු කිරීමේ කට‍යුතු සිදු කරමින් පවතී.

 

(vii) පාලමේ අමුද්‍රව්‍ය, සිදුකරන ලද සියයට 75 පමණ වූ ඉදිකිරීම් සඳහා භාවිත කර ඇත. සිදු කර ඇති ඉදිකිරීම් ද හොඳ තත්ත්වයේ පවතින අතර විනාශ වීමක් සිදු වී නොමැත.

 

(viii) විනාශ වෙච්ච එකේ වටිනාකම අදාළ වෙන්නේ නැහැ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-03-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks