පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
498/2025
ගරු අනුරාධ ජයරත්න මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2024 වර්ෂයේදී, වන සතුන් විසින් සිදු කරන ලද වගා හානි ප්‍රමාණය කොපමණද;
(ii) ඒ හේතුවෙන් සිදු වූ ආර්ථික අලාභය කොපමණද;
(iii) වන සතුන් විසින් සිදු කරනු ලබන වගා හානිය අවම කර ගැනීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන් වෙත නිකුත් කර ඇති ගිනි අවි සංඛ්‍යාව කොපමණද;
(ii) එම ගිනි අවි සඳහා භාවිතා කරනු ලබන පතරොමක මිල රු. 450/-ක් වන බව දන්නේද;
(iii) ඒ හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවයට පත් වී ඇති බව දන්නේද;
(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-18
අසන ලද්දේ
ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නිශ්චිත වශයෙන්ම 2024 වසර තුළ වන සතුන්ගෙන් සිදු වූ වගා හානි ප්‍රමාණය සම්බන්ධයෙන් විධිමත් තක්සේරු කිරීමක් කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත්ව සිදුකර නොමැත.
නමුත්, කෘෂි කර්මාන්තයේ වන සත්ව හානි සම්බන්ධයෙන් 2022 වර්ෂයේදී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය මඟින් අර්ධ වාර්ෂික දළ තක්සේරුවක් සිදුකර ඇත.
සවිස්තර තොරතුරු පසුබිම් වාර්තාවට** ඇතුළත් කර ඇත.
(ii) එවැනි අලාභ ගණනය කිරීමක් 2024 වර්ෂයේදී සිදුකර නොමැත.
සාමාන්‍යයෙන් නියඟය, ගංවතුර වැනි ස්වාභාවික විපත් හා වනඅලින්ගෙන් සිදුවන වගාහානිවල අලාභ ගණනය කිරීමක් සිදු කළ ද නිරන්තරයෙන් සිදුවන රිළවා, වඳුරා, දඬු ලේනා, වල් ඌරා හා ඉත්තෑවා වැනි වනසතුන්ගෙන් වන වගා හානි පිළිබඳව ජාතික මට්ටමින් අලාභ ගණනය කිරීමක් සිදු කර නොමැත.
(iii) v දැනට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මෙහෙයවීමෙන් ප්‍රමුඛ සහ සුලබ වන සත්ව හානි කළමනාකරණය සඳහා කමිටුවක් පත් කර ඇත.
එම කමිටු තීරණ වශයෙන් පහත ක්‍රියාමාර්ග ගනිමින් ඇත.
පහත වන සතුන් පිළිබඳ සංගණනයක් පැවැත්වීම.
රිළවා, මොනරා, දඬු ලේනා, වඳුරා
තිරසාර වන සත්ව හානි කළමනාකරණ විධික්‍රම හඳුනාගැනීම සඳහා සුදුසු විද්වත් මණ්ඩලයක යෝජනා තෝරාගෙන ඉදිරි කටයුතු සිදු කිරීම.
v ඉහත කමිටුව යටතේ ගනු ලබන ක්‍රියාමාර්ගවලට අමතරව වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා වායු රයිෆල් බෙදා දීම, විදුලි වැට හා විදුලි පඹයා ලබා දීම වැනි ව්‍යාපෘතීන් දිස්ත්‍රික් මට්ටමින් සියයට 50ක දායකත්වය යටතේ සිදු කිරීම.
v එසේම, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් "කෘෂි කාර්මික ප්‍රදේශවල වගාවන්ට වනසතුන්ගෙන් මතුවන ගැටලු අවම කිරීම සම්බන්ධයෙන් තිරසාර වැඩ පිළිවෙළක් සකස් කිරීම සඳහා" යන මාතෘකාව යටතේ දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් යෝජනා ගෙන්වාගෙන වැඩමුළුවක් පවත්වා ඇත. එය පදනම් කරගෙන "මානව වනජීවී සහජීවනයට ප්‍රවේශයක්" මැයෙන් ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මඟපෙන්වීමට කෘතියක් සම්පාදනය කර බෙදාහැරීමට කටයුතු කර ඇත.
(ආ) (i) 2024.12.31 දිනට වගා ගිනිඅවි සංඛ්‍යාව 13,207කි.
(ii) 2024.12.01 දින සිට බෝර 12 එස් ජී පතරොමක මිල රුපියල් 500.76ක් වේ.
(iii) දිස්ත්‍රික් අළෙවි නියෝජිතයන් විසින් සියයට 30ක ලාභ ප්‍රතිශතයක් යටතේ බෝර 12 එස් ජී පතරොමක් අළෙවි කළ අතර, ආරක්ෂක අමාත්‍යාංශය මැදිහත් වීමෙන් ගොවීන්ට සහනයක් ලබා දීමේ අරමුණින් සියයට 30ක ලාභ ප්‍රතිශතය 2024.12.01 දින සිට බල පැවැත්වෙන පරිදි සියයට 20 දක්වා අඩු කරන ලදී.
(iv) පසුගිය වසර 3ක කාලය තුළ ඇති වූ විදේශ විනිමය අර්බුදය -ඩොලර් හිඟතාව- හේතුවෙන් රටේ ඩොලර් සංචිතය හිඟවීම හා වැට් එක අයකිරීමේ ප්‍රතිශතය වැඩිවීම තුළින් පතරොම් සම්බන්ධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී වැඩි පිරිවැයක් දැරීමට සිදු වූ අතර සෑම පුපුරණ ද්‍රව්‍යයක්ම පෙර තිබූ මුදලට වඩා තුන් ගුණයකින් මිල ඉහළ ගොස් ඇත.
ඒ අනුව, ප්‍රතිපත්තිමය තීරණයක් වශයෙන් දිස්ත්‍රික් අළෙවි නියෝජිතයන් විසින් පතරොම් අළෙවි කිරීමේදී තබාගත් සියයට 30ක ලාභ ප්‍රතිශතය ආරක්ෂක අමාත්‍යාංශය මැදිහත් වීමෙන් ගොවීන්ට සහනයක් ලබාදීමේ අරමුණින් 2024.12.01 දින සිට බල පැවැත්වෙන පරිදි සියයට 20 දක්වා අඩු කරන ලදී. ඒ අනුව, බෝර 12 එස් ජී පතරොමක නව මිල රුපියල් 500.76ක් ලෙස අඩු වී ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-03-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks